නැමිය හැකි ටැබ් එකක්

  👤  1599 readers have read this article !
Published by : MB WEB 2017-08-23 16:48:55

අයි.බී.එම්. සමාගම දශක ගණනාවක් තිස්සේ ලොව ප්‍රමුඛතම පරිගණක නිෂ්පාදක සමාගමක් ලෙස වැජඹුණා.

අයි.බී.එම්. ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පරිගණක හුරුවක් තිබු පාඨක ඔබ, පසුගිය වසර කිහිපයක සිට අයි.බී.එම්. පරිගණක වෙළඳපොළේ මිලදී ගැනීමට නැත්තේ මන්දැයි විපිළිසර වෙන්නට ඇති.

එයට හේතුව අයි.බී.එම්. පරිගණක තවදුරටත් එම වෙළඳ සන්නාමය යටතේ වෙළෙඳපොළට නොපැමිණීමයි. එයට හේතුව ලෙනෝවෝ නම් සමාගම අයි.බී.එම්. මිලට ගෙන දැන් එම පරිගණකම ලෙනෝවෝ යන වෙළෙඳ සන්නාමය යටතේ අලෙවි කිරීමයි.

අයි පෑඩ් එක සමඟ ලොව ප්‍රචලිත වූ ටැබ්, අද ජනප්‍රිය සංස්කෘතියේ නැතුවම බැරි ආම්පන්නයක්, නැමිය හැකි ටැබ් සහ ස්මාර්ට්ෆෝන් ගැන පාරිභෝගික ඔබටත් නිකමට හිතුණු අවස්ථා එමට ඇති. තාක්ෂණය නිරන්තරයෙන් නවෝත්පාදන ගවේෂණය කරමින් පරිණාමය වන නිසා, ඔබේ වාසනාවට, එම සිතුවිලි සැබෑ කරන්නට වෙර දරන තාක්ෂණික සමාගම්වල නොපසුබට ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙස ලෙනොවෝ සමාගම විසින් මෙම නැමිය හැකි ටැබ් එකක් නිමවා තිබෙනවා. ෆෝලියෝ නමින් හඳුන්වන මෙය අඟල් 7.8ක ස්ක්‍රීන් එකකින් සමන්විත වන අතර, ඔබට අවශ්‍ය වෙලාවට ටැබ් එකක් ලෙස භාවිත කර, ඉන්පසු අවශ්‍ය නම් එයම, අඟල් 5.5 ෆෝන් එකකට නමා කමිස සාක්කුවේ දමාගත හැකියි.

මෙම ප්‍රොටෝටයිප් එක පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි පරිදි වෙළඳපොළට නිකුත් වන දිනය දැනට දන්වා නොමැති නමුදු, නවන්නට පුළුවන්, ටැබ්, ෆෝන් සිහිනය සැබෑ වන දිනය වැඩි අෑතක නොවන බව නම් නිසැකයෙන්ම කියන්නට පුළුවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්