ශ්‍රී ලංකා යුද හමුදා පැරා ආබාධිත පාපැදි හා රෝද පුටු තරග 15දා රත්නපුරේදී

  👤  1282 readers have read this article !
Published by : MB WEB 2017-09-08 13:16:36

කුරුවිට රත්නපුර රෙජිමේන්තු මූලස්ථාන බළඇණිය ගැමුණු හේවා බළකායේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය රත්නපුර පාපැදි සංගමයේ සහයෝගය ඇතිව තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යුද හමුදා පැරා ආබාධිත පාපැදි හා රෝද පුටු තරගය සැප්තැම්බර් මස 15 වැනිදා රත්නපුරයේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පාපැදි තරගය එදින පෙරවරු 7.00ට රත්නපුර නගර ශාලාව අබියසින් ආරම්භ කොට පැල්මඩුල්ල නගරයේ ඔරලෝසු කණුව වටරවුමෙන් හැරී නැවත එම මාර්ගය ඔස්සේ රත්නපුරයට පැමිණ රත්නපුර නව නගරයට ගොස් හැරී පාම්ගාර්ඩන් පාර ඔස්සේ රත්නපුර නගර ශාලාව ඉදිරිපිටදී නිමාවීමට නියමිතව ඇත.

කි.මී. 23කින් යුත් පැරා රෝද පුටු තරගයද එදින පෙරවරු 7.00ට පරකඩුව තිරිවාන හන්දියෙන් ආරම්භ වී හයිලෙවල් පාර ඔස්සේ රත්නපුරයට පිවිස මොරගහයට වමට හැරී එම මාර්ගය ඔස්සේ පැමිණ රත්නපුර ඔරලෝසු කණුව වටා ගොස් නගර ශාලාව අබියසින් තරගය නිමාවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්