වසරකට ගස් බිලියනයක් රෝපණය කිරීමට යන ඩේ‍රාන් (Drone)

  👤  2047 readers have read this article !
Published by : MB WEB 2017-09-12 15:02:21

තාක්ෂණයේ දියුණුවේ ප්‍රතිලාභ ලැබිය හැක්කේ භාවිත කරන මානව කොට්ඨාසයේ ආකල්පමය දියුණුවත් තාක්ෂණය හා සමාන්තරව දියුණු වුවහොත් විතරයි. එයට හොඳම උදාහරණය ස්මාර්ට් ෆෝන්, ඊළඟට හොඳම උදාහරණය වන්නේ ඩේ‍රා්න්. ලංකාවේ අපට ඉහළ අහසේ සිට දර්ශනයක් දැකීම, (ක්‍රීඩා පිටියක) දේශපාලන රැලියක, මියුසික් වීඩියෝවකට එහා ඩේ‍රා්න් තාක්ෂණයේ වැදගත්කමක් අත්විඳින්න ලැබෙන්නේ නැහැ. නමුත් දියුණු ලෝකයේ (භෞතික මෙන්ම ආකල්ප සංවර්ධනය ද ලැබූ) මෙම තාක්ෂණය භාවිත වන අපූර්වත්වය පිළිබිඹු කරන තවත් එක් උදාහරණයක් අද ටෙලස්කෝප් හරහා ඔබට ඉදිරිපත් කරන්නම්.

ගසක් රෝපණය කරන්නත්, ඉන්පසු වැඩෙන්නත් සැලකිය යුතු කාලයක් ගත වන නමුදු කපා හෙළීමට ගත වන්නේ ඉතාමත් සුළු කාලයක්. පාරිසරික සාධක නිසා (ස්වාභාවික) පරිසර ප්‍රතිසංස්කරණය ඉතාමත් මන්දගාමී ලෙස සිදුවෙන්නෙ. එංගලන්තයේ, ඔක්ස්ෆර්ඩ් (Oxford) නුවර Blocarbon Engineering නම් සමාගම, මිනිසුන්ට කිසි දිනෙක කළ නොහැකි වේගයෙන් රුක් රෝපණය කිරීමට ඩේ‍රා්න් භාවිත කිරීමට ඉදිරිපත් වෙනවා ගසක් දෙකක් නොව ගස් බිලියනයක්.

ලබන මස මෙම ව්‍යාපෘතිය අත්හදා බලන එම සමාගම (Wif - Worldview Intemational Foundation) සමාගම එක්වී, මියන්මාරයේ (බුරුමයේ) මෙම රුක් රෝපණ ක්‍රියාවලිය ආරම්භ කරනවා. මීට ප්‍රථම WIF සංවිධානය ඉරවේඩි ගඟේ ඩෙල්ටාව (DELTA) දිගේ කඩොලාන ගස් මිලියන 2.7ක් වගා කිරීමට වසර ගණනාවක් (5) ගත කර තිබෙනවා. මියන්මාරයේ ප්‍රධාන නදිය වන ඉරවේඩි එම රටේ ප්‍රජාවට සහ කර්මාන්ත වල පැවැත්මට අත්‍යවශ්‍යම බලපෑමක් කරනවා.

WIF එකට මිලියන 2.7ක් රුක් රෝපණය කිරීමට වසර 5ක් ගතවීමත් ඉතාමත් කාර්යක්ෂම ක්‍රියාවක්. එනමුත් මෙම (Blocarbon Eneineering) සමාගම, දිනකට ගස් 100,000 (ලක්ෂයක්) පැළ කළ හැකියි.

2015දී ආරම්භ කළ මෙම සමාගම දැනටමත් එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ මෙලෙස ගස් රෝපණය කර තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්