හොඳ ගැනුම්කරුවන් එනවා නම් ධීවර වරායන් බදු දෙනවා

  👤  1693 readers have read this article !
Published by : MB WEB 2017-09-13 09:47:58

අනුරාධා හේරත්

මෙරට ධීවර වරායන් බදු පදනම යටතේ ලබා ගැනීමට දේශීය හෝ විදේශීය වශයෙන් හොඳ ගැනුම්කරුවන් ඉදිරිපත් වෙනවා නම් එම අවස්ථාව ලබාදීමට සූදානම් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පවසන්නේ ධීවර වරායන් බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති නමුත් මෙතෙක් පවරනවාද නැද්ද යන තීරණයකට එළැඹී නැති බවයි.

මෙරට ධීවර වරායන් 18ක් ක්‍රියාත්මක වන අතර ඒවා ඉදිකිරීමේදී විධිමත් පරිදි පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තා ඉදිරිපත් කර නොමැති හෙයින් බොහෝ ධීවර වරායවල වැලි පිරීම සිදුවන බවත් දළ වශයෙන් වැලි ඉවත් කිරීමේදී වසරකට රුපියල් මිලියන 300ක් වැය වන බවත් අමාත්‍යාංශය පවසයි.

ඔලුවිල් වරායේ වැලි පමණක් ඉවත් කිරීමට වසරකට රුපියල් මිලියන 5ක් වැය වන බව පවසන අමාත්‍යාංශය පැවැසුවේ එම නඩත්තු කිරීම් තවදුරටත් රජයේ මුදල් හරහා සිදු කිරීමට තරම් ආදායමක් නොමැති බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්