කැමැති තැනක වාඩි වෙන්නට ලොව වඩාත්ම සංගත (compact) පුටුව

  👤  1893 readers have read this article !
Published by : MB WEB 2017-09-13 15:23:25

SITPACK 2.0 නම් ඩොලර් 40කට මිලදී ගත හැකි මෙම පුටුව, දණහිස්වලට රුදා නොදී ඕනෑම ස්ථානයක පහසුවෙන් වාඩි වීමට නවා අකුළා පහසුවෙන් රැගෙන යෑමටත් හැකිවන සේ නිමවුණු හුරුබුහුටි ආම්පන්නයක්.

ලෙගෝ සෙල්ලම් බඩු සහ කැරලි මර්දන පළිහ (Lego Bricks & Riot Sheilds) සාදන හොලිකාබනේට් අමුද්‍රව්‍යවලින් තනා ඇති මෙයට GLASS FIBER මුසුකොට සවි ශක්තිය ලබා දී තිබෙනවා.

ඕනෑම උසක පුද්ගලයකුට ගැළපෙන පරිදී සීරු මාරු කිරීමේ හැකියාව ඇති මෙය පුටුවක් සොයා ගැනීමට නොමැති හෝ පුටුවක් තබා ගැනීමේ ඉඩක් නොමැති අවස්ථාවක හෝ ස්ථානයකට භාවිතයට කදිම උපකාරකයක්.

මෙය නවා අකුළා ඔබේ කලිසමේ පිටුපස සාක්කුවේ දමා ගත හැකි තරම් කුඩා වන අතරම බර ග්‍රෑම් 500ක් වෙයි. එනමුත් මෙය කිලෝ 130ක් දක්වා බරැති පුද්ගලයකු පහසුවෙන් රඳවා ගැනීමේ ශක්තියෙන් යුක්ත වෙයි. නැවූ විට අඟල් 4ක උසින් යුත් මෙය සාදා ඇත්තේ ඔබේ සුෂුම්නාව සෞඛ්‍ය සම්පන්න ඉරියව්වකින් තැබීමටත්, ඔබේ උකුලට අපහසුතාවක් නොවී දේහ ක්‍රියාකාරිත්වයෙන් තැබීමටත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්