ත්‍රිරෝද රථවලට මීටර්, ගාස්තු රිසිට්පත් අනිවාර්ය වෙයි

  👤  1425 readers have read this article !
Published by : MB WEB 2017-09-13 14:11:13

උපතිස්ස පෙරේරා

ඔක්තෝබර් මස 1 වැනිදා දින සිට බලපැවැත්වෙන පරිදි මිලදී ගන්නා යතුරුපැදි සහ හිස් වැසුම් සඳහා එස්.එල්.එස්. සහතිකයත් පුද්ගලයන් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ සඳහා අනුමත ප්‍රමිතියෙන් යුත් මීටර් අනිවාර්ය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඊට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව පුද්ගලයන් හෝ භාණ්ඩ ප්‍රවාහනයේදී ත්‍රිරෝද රථ රියැදුරා විසින් ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, දිනය සහ අය කළ ගාස්තුව සඳහන් රිසිට්පතක් නිකුත් කළ යුතු වෙයි.

මේ අනුව ත්‍රිරෝද රථ සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් මීටර් කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්