සිරියාවේ අල් අසාද්ගේ පාලනයට ඇමෙරිකාව අකැමැතියි

  👤  1162 readers have read this article !
Published by : MB WEB 2017-09-21 14:19:52

ඇමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරනුයේ සිරියාවේ වත්මන් ජනපතිවරයා වන බෂිර් අල් අසාද්ගෙන් තොරවූ ජනාධිපතිත්වයක් ඇති පාලනයක් බව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනි නිකී හේලි පවසන්නීය.

සිරියාවේ ජනතාවට ඔහුගෙන් කිසිදු සහනයක් සිදු නොවන බවත් තම බලය රැක ගැනීම සඳහා පමණක් ක්‍රියාකරන බැවින් ඇමෙරිකාව ඔහුගේ ඉවත් වීම දැඩිව අපේක්ෂා කරන බවද ඇය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනිය එසේ ප්‍රකාශ කරන ලද්දේ සිරියානු අර්බුදය සහ සිරියානු අර්බුදයේදී විපතට පත්වූවන් වෙනුවෙන් මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

වත්මන් සිරියා ජනාධිපතිවරයා තව කොතෙක් කලක් පාලනයේ රැඳී සිටියද ඔහුගෙන් ජනතාවට යහපතක් සිදු නොවන බව පෙන්වා දෙන ඇමෙරිකාව සිරියාව පිළිබඳ සෑහීමකට පත්වනුයේ නම් ඒ අසාද් ඉවත් වුවහොත් පමණක් කියා සිටියාය. සිරියාවට ඒකීයත්වය සහ ස්ථාවරත්වය ළඟාවනුයේ අසාද්ගේ පාලනයෙන් රට තොරවුණොත් පමණක් බවද ඇය පවසා සිටියාය.

ඒ නිසා පවතින තත්ත්වය සිරියා ජනාධිපතිවරයා තේරුම්ගත යුතු බවද නිකී හේලි කියා සිටියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්