පාර්ලිමේන්තුවට වසර 70 සපිරෙයි

  👤  1136 readers have read this article !
Published by : MB WEB 2017-09-21 13:03:08

ජේ.ටී.ද. සිල්වා , දයා පෙරේරා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැසිවාරයක් ඔක්තෝබර් 03 වැනිදා පස්වරු 2.30 සිට 4.30 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
එදින පස්වරු 2.30ට ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂ නායකයන්ට කතා කිරීමේ අවස්ථාව සලසා ඇත.
කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සවස පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.

2018 වසර සඳහා වන විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් 09 වැනි දින පාර්ලිමේන්තුව රැස්වීමටද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්