මහින්දගේ කොළඹ නිල නිවෙසට ආයුධයක් අතැතිව ආ තරුණයකු අත්අඩංගුවට

  👤  1709 readers have read this article !
Published by : MB WEB 2017-09-22 10:28:57

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසට තියුණු ආයුධයක් අතැතිව ඇතුළුවීමට තැත් කළ තරුණයකු කුරුඳුවත්ත පොලිසිය මඟින් ඊයේ (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.

තමාට මහින්ද රාජපක්ෂ මහතා හමුවිය යුතු බවත්, නැතිනම් තමා තමන්ටම පිහියෙන් ඇනගෙන සියදිවි හානි කර ගන්නා බවත් ඔහු එම නිල නිවෙසේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට පවසා ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

කුරුඳුවත්ත පොලිසිය මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්