'දේදුනු ආකාසේ' 12 වැනිදා සිට තිරයේ

  👤  1042 readers have read this article !
Published by : MB WEB 2017-10-10 16:34:22

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන දේදුනු ආකාසේ සිනමා නිර්මාණය මේ මස 12 වැනිදා සිට සැවෝයි ඇතුළු EAP සිනමා ශාලාවල තිරගත වේ.

හේමාල් රණසිංහ, ටීනා ශනෙල්, චුලක්ෂි රණතුංග, සහේලි සදිත්මා, ජයලත් මනෝරත්න, ශ්‍රී යානි අමරසේන, ප්‍රියංකර රත්නායක, මයික් ප්‍රනාන්දු. කුමාර ජයකාන්ත, දසුන් ඩී. සිල්වා ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙන දේදුනු ආකාසේ චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය සපයන්නේ ඡ්ඒර්ථී ආයතනයයි.

සොඳුරු යෞවනයේ වෙසෙන සමුද්‍ර සහ විහඟි උසස් අධ්‍යාපන ආයතනයක එකට ඉගෙනුම ලබන දෙදෙනෙකි. උසස් කුල පවුලකින් පැවත එන සමුද්‍ර ධනවන් මවුපියන්ගේ බාලම පුතා වන අතර ඔහු ඉතාමත් දඟකාර හා තාරුණ්‍යයේ ඉහළම සතුට විඳිමින් ඉන්නා පවුලේ බඩ පිස්සාය. සාම්ප්‍රදායික නැටුම් ගුරුවරයකුගේ දියණිය වන විහඟි තම පියාණන්ගේ සෙවණේ හැදී වැඩී, තම පියාණන්ගේ මුළු ජීවිතයම වන්නේ ඇගේ මව මියයෑමත් සමඟ ඔහුගේ ජීවිතය ඇය වෙනුවෙන් කැප කරන නිසාවෙනි.

විහඟි සහ සමුද්‍ර නැටුම් සහ කලා විෂයන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන් දෙදෙනකු වන අතර දෙදෙනාම බටහිර සාම්ප්‍රදායික නැටුම් කලාව මනාව ප්‍රගුණ කරමින් සිටින දීප්තිමත් ශිෂ්‍යයන් දෙදෙනකු වේ. ඔවුන්ගේ සරසවි ජීවිතයේ අන්තිම සති කිහිපය ගතවෙන්නේ අන්තර් උසස් අධ්‍යාපන ආයතන තරගාවලිය සඳහායි. එහිදී ඔවුන්ගේ නර්තනයේ සාමාජිකාවක් පුහුණුවකදී තුවාල ලබන අතර ඇයට මාස කිහිපයකටම නර්තනය තහනම් වේ. ඔවුන් මැදිවන්නේ විශාල ගැටලුවකටයි.

ඒ අතර විහඟිට තම නවාතැන් මිතුරිය ලෙස හමුවන පවනි ඉතාමත් දක්ෂ නර්තනයක යෙදෙනවා අහම්බෙන් දක්නට ලැබේ. විහඟි ඇයව තම නැති වූ සාමාජිකාවගේ අඩුව පිරවීමට තම කණ්ඩායමට හඳුන්වා දෙයි. ඇය එක් වසරක් බාල වුවත් ඔවුන්ගේ ගුරුවරයා ඇයව කණ්ඩායමට බඳවා ගනී. එයට සමුද්‍ර විරුද්ධ වන්නේ තම වසරේ අයට එය අසාධාරණයක් බව පවසමින්ය. එහෙත් විහඟිගේ මැදිහත්වීමෙන් ඇය අවසානයේ තෝරාගනු ලබයි.

විහඟි තම හදවතින් ආදරය කරන්නේ සමුද්‍රටයි. සමුද්‍ර විහඟිගේ හොඳම මිතුරා ද වේ. සමුද්‍රට විහඟි හොඳම මිතුරිය වන නමුත් ඔහු විහඟිට ආදරය ප්‍රකාශ නොකරයි. මන්ද තම පවුලට මෙය නොගැළපෙන සම්බන්ධයක් ලෙස මවුපියන් සලකන බව ඔහු දන්නා බැවිනි. එහෙත් විහඟිට සමුද්‍ර ගැන ඇරෙන්න වෙන කෙනකුට ආදරයක් නොසිතේ. නමුත් සමුද්‍ර පවනිට කැමැති වන්නේ විහඟිගේ ආදරය ඔහු වටහාගෙන නොමැති නිසයි. විහඟිත් සමුද්‍රත් උසස් අධ්‍යාපන ආයතනයෙන් සමුගෙන ගියත් විහඟිගේ ජිවිතය සමුද්‍රගේ අදාරයත් සමඟ ගෙවා දැමීමට ඇය තීරණය කරයි.

ඔවුන් අවුරුදු 8කට පසු යළි හමුවන්නේ සියලු දෙනාගේම ජීවිතවලට විශාල බලපෑම්ද ඇති කරමිනි".

තිදෙනකුගේ ආදරය හරහා ගොඩනැඟෙන අති සංවේදී ආදර කතාවක් ඔස්සේ දේදුනු ආකාසේ කතාව විකාශය වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්