ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ කොදෙව් සංචාරය

  👤  1254 readers have read this article !
Published by : MB WEB 2017-10-11 13:36:41

විචිත්‍ර වීරසිංහ

එක්දින තරග 3කට හා විස්සයි-20 ක්‍රිකට් තරග 3කට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පළමු එක්දින තරගය අද (11) ටි්‍රනිඩෑඩ් ටරෝබා බ්‍රයන් ලාරා ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉනෝකා රණවීරගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය අතිශයින්ම වැදගත්වී ඇත්තේ මෙම එක්දින තරග 3 අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාව සඳහා ශේ‍ර්ණිගත කිරීම් පිණිස යොදා ගැනෙන බැවිනි.

ඒ අනුව තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-කොදෙව් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඔක්තෝබර් 13වැනිදාත්, තෙවැනි හා අවසන් තරගය 15වැනිදාත් බ්‍රයන් ලාරා ක්‍රීඩා පිටියේදීම පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය: ඉනෝකා රණවීර (නායිකාව), ශ්‍රීපාලි වීරක්කොඩි, චමරි අතපත්තු, රෙබෙකා වැන්ඩොට්, ශෂිකලා සිරිවර්ධන, ප්‍රසාදිනී වීරක්කොඩි, ඩිලානි මනෝදරා, නිපුනි හංසිකා, හෂිනි පෙරේරා, යශෝධා මෙන්ඩිස්, චන්දිමා ගුණරත්න, හංසිමා කරුණාරත්න, අමා කාංචනා, අචිනි කුලසූරිය, උදේෂිකා ප්‍රබෝධනී

කොදෙව් සංචිතය: ස්ටැෆනි ටේලර් (නායිකාව), රිනයිස් බෝයිස්, මෙරීසා ඇගියුලේරියා, ඇෆි ෆ්ලෙචර්, ශමිලා කොනෙල්, කිෂෝනා නයිට්, ඩෙයන්ද්‍රා ඩොටින්, කයිසියා නයිට්, හේලි මැතිව්ස්, ඇනීසා මොහොමඩ්, චෙදේනා නේෂන්, ඇකෙයිරා පීටර්ස්, ෂකීරා සෙල්මන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්