පළාත් පාලන මැතිවරණ ගැසට් නිවේදනය සතියකින්

  👤  1493 readers have read this article !
Published by : MB WEB 2017-10-12 11:37:53

ලක්ෂ්මී ජයකොඩි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආඥා පනත අදාළ ගැසට් නිවේදනය තව සතියකින් නිකුත් කිරීමට හැකිවනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

පනතට කතානායකවරයාගේ අස්සන් තැබීම ඇතුළු අනෙකුත් කටයුතු සඳහා එම සතියක කාලය ගත වනු ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඉහත පනත්වලට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළහොත් එළැඹෙන ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්