ලෝක ප්‍රමිති දිනයට ජාතික තත්ත්ව සතියක්

  👤  1143 readers have read this article !
Published by : MB WEB 2017-10-12 14:11:11

නුවන් හෙට්ටිආරච්චි

ලබන 14දාට ලෝක ප්‍රමිති දිනය යෙදේ. ඒ සම්බන්ධයෙන් මේ වන විට ජාතික තත්ත්ව සතියක් නම්කර තිබේ. එම සතිය අවසන් වන්නේ මේ මස 15 වැනිදා බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් ප්‍රමිති සම්පාදනය කරන්නා සේම නොයෙකුත් ක්‍රියාවලි මාර්ගයෙන් එම ප්‍රමිතීන් භාවිත කිරීමට ආයතන යොමු කරයි. එමඟින් රටේ භාණ්ඩ හා සේවාවල තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම පරිසරය සුරැකීමටත් ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් දායකත්වයක් දෙන බවද ඔහු පැවැසීය.

මීට අමතරව මෙම සතිය මානව පුහුණු කිරීම්, මිනුම් උපකරණ සඳහා ක්‍රමාංකන සේවාව, ජාත්‍යන්තර හා වෙනත් ජාතික ප්‍රමිතීන්, තාක්‍ෂණික විෂයයන් සඳහා වූ පොත්පත් සඟරා ආදිය ඇතුළත් තොරතුරු සේවා සහ විශිෂ්ටයන් හඳුනා ගෙන ජාතික තත්ත්ව සම්මාන පිරිනැමීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් සිදු කරනු ලබන බව ගුණවර්ධන මහතා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්