3D ස්කෑන් කළ හැකි කම්පියුටරයක්

  👤  1014 readers have read this article !
Published by : MB WEB 2017-10-12 17:36:55

HP Sprout pro 62 කම්පියුටරය ත්‍රිමාන වස්තූන් ස්කෑන් කිරීමේ හැකියාව එයටම බද්ධ කරමින් නිමැවුණු කම්පියුටරයක්. මෙයට 2D, 3D ස්කෑනර් වගේම Projector, Camera සහ Touch Mat එකක්ද ඇතුළත් වන්නේ ස්කෑන් කිරීමට සහ එම ස්කෑන් කළ ඡායාරූප වෙනස් කිරීමේ හැකියාවන් ලබා දීමටයි.

HP සමාගමට මෙම Sprout Computer පෙළ නිෂ්පාදනය, සිල්ලර වෙළෙඳපොළ වගේම අධ්‍යාපන අංශවලටත් එකසේ පහසුවෙන් භාවිත කළ හැකි උපාංගයක් බවට පත්කිරීමට උත්සාහ දරනවා.

ඔබට කැමැති ඕනෑම ත්‍රිමාන වස්තුවක අනුරුවක් තමන් සතු කර ගැනීමේ අවශ්‍යතාව ඇතොත්, මෙම කම්පියුටරයට එය එසේම ස්කෑන් කළ අනුරුවක් සාදා දීම Sandwich එකක් සකසන කාලයකටත් අඩුවෙන් කරදිය හැකියි. ඔබට අවශ්‍ය පරිදි මුල් වස්තුවේ වෙනස්කම්ද කරගැනීමට ඉඩ සලසන මෙමComputer එකට, 3D printer එකක් සම්බන්ධ කරන පරක්කුවෙන් ප්‍රතිනිර්මාණය වූ මුල් වස්තුවේම අනුරුවක් ඔබට ලබා ගත හැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්