දුම්රිය සීසන් එකෙන් ලංගමේ යන්නත් අවස්ථාව සැලසෙයි

  👤  1039 readers have read this article !
Published by : MB WEB 2017-10-12 17:05:19

දුම්රිය බලපත් හිමි සියලුම මගීන් වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමනාගමනයට පහසුකම් සලසා ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි

එමෙන්ම කලින් වෙන් කරන සුඛෝපභෝගී දුම්රිය සේවාවන් සදහා ශ්‍රී ලංගමයේ වායු සමීකරණය කරන ලද බස් රථ යෙදවීමට කටයුතු කරන බවත් ලබාගත් දුම්රිය බලපත් මගින් සුඛෝපභෝගි බස් රථ වලින් ගමන් කිරීමට හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ලොකෝ මෝටොව් ඉන්ජිනියරින් වෘත්තීය සමිති හා දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිතිය මගින් ඊයේ (11) ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතිවී තිබෙන දුම්රිය මගීන්ගේ අපහසුතාවයන් අවම කිරීමට රජය විසින් මෙම පියවර ගෙන ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්