ලබන ජනවාරියේ සිට ජාතික පාසල්වල ගුරුවරුන් තවත් නව දහසකට මාරුවීම්

  👤  1711 readers have read this article !
Published by : MB WEB 2017-10-17 13:06:38

දයා පෙරේරා

ජාතික පාසල් ගුරුවරුන් තවත් නවදහසක් ලබන ජනවාරි මාසයේදී මාරු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

එක දිගට අවුරුදු දහයක් හෝ ඊට වැඩි කාලයක් එකම ජාතික පාසලක සේවය කළ උසස් පෙළ පන්තිවල ඉගැන්වූ ගුරුවරුන් ‍ෙදාළොස් දහසක් හඳුනාගෙන අදියර දෙකකින් ඔවුන් මාරු කිරීමට අමාත්‍යාංශය තීරණය කළේය.

ඒ අනුව පළමුවැනි අදියරේදී ගුරුවරුන් තුන්දහසකට ඉකුත් 12 වැනිදා ස්ථාන මාරු ලබාදී ඇත.

එම මාරුවීම්වලට විරෝධය දක්වමින් ඇතැම් පාසල්වල සිසු දරුවන් උසි ගන්වා උද්ඝෝෂණවලට පොලඹවා ඇතැයි අමාත්‍යාංශයට වාර්තා ලැබී ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉකුත් සතියේ හා ඊයේ (16දා) සිසුන් රතිඤ්ඤා දල්වමින් ගුරු මාරුවලට විරෝධය දක්වා ඇතැයිද අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

යම් ගුරුවරයකුට මාරුවීම් නිසා අසාධාරණයක් වී ඇත් නම් දින 14ක් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිත ආභියාචනයක් සිදු කළ හැකිය. එසේ ඉඩකඩ තිබියදී මාරු නියෝගවලට පටහැනිව සිසුන් උසිගන්වන ගුරුවරුන් ගැන දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධරයෙක් 'මව්බිම'ට කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්