ශ්‍රීලනිපයේ නව සංවිධායකවරු නවයකට පත්වීම් ලැබෙයි

  👤  1484 readers have read this article !
Published by : MB WEB 2017-10-17 17:27:34

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු 09 දෙනෙකු පත් කිරීම සඳහා පත්වීම ලබා දීම අද(17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ අතින් සිදු කෙරුණා.

ඒ අනුව අදාළ පත්වීමේ ලිපි ලබා ගත් පිරිස පහත පරිදි වේ.

1. කොළඹ දිස්ත්‍රික්කය - නලීන් ගුණසේකර මහතා

2. අම්පාර දිස්ත්‍රික්කය - මීරා ලෙබ්බේ රෙබුපාසාමි මහතා, නවනීදරාජා මහතා, අයි.එච්.අබ්දුල් වහබ් මහතා, ටී.රෆයිඩීන් මහතා

3. අම්පාර දිස්ත්‍රික්කය (මහඔය ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශය) - ආරියරත්න විජේවික්‍රම මහතා

4. මාතර දිස්ත්‍රික්කය - ප්‍රනීත් පද්මතිලක මහතා

5. රත්නපුර දිස්ත්‍රික්කය - එම්.එච්.එම්.සකරියා මහතා

6.  මාතලේ දිස්ත්‍රික්කය - සුජීව ගොඩලියද්ද මහතා 

(ජනධිපති මාධ්‍ය අංශය)



මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්