තරංගත් ලාහෝර් යන්නෙ නෑ

  👤  644 readers have read this article !
Published by : MB WEB 2017-10-18 10:36:44

මේ වන විට මතභේදයකට ලක්ව ඇති ලාහොර්හි පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගය සඳහා ශ්‍රී ලංකා එක් දින සහ විස්සයි-20 කණ්ඩායමේ නායක උපුල් තරංගද සහභාගි නොවනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත ක්‍රීඩකයන් 40 දෙනකුගේ අස්සනින් යුත් ලිපියක් හරහා ලාහෝර් තරගයට යෑම සඳහා ක්‍රීඩකයන්ගේ අකැමැත්ත මේ වන විටත් ප්‍රකාශ වී ඇති අතර පසුගිය මාසයේ එහි පැවැති ලෝක ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කළ තිසර පෙරේරා පමණක් 29දා ලාහෝර්වලදී පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන් තරගයට ක්‍රීඩා කරන බවට මේ වන විට තහවුරු කර ඇත.

කෙසේ වෙතත් ලාහොර් තරගයට කණ්ඩායමක් සහභාගි කරවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනටමත් පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයට සහතික වී ඇති තත්ත්වයක් තුළ දෙවැනි පෙළ කණ්ඩායමක් හෝ පාකිස්තානය බලා යැවීමට තීරණය වී ඇතැයි පැවැසේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලාහොර් තරගයට සහභාගි වන්නේ නම් පසුගිය ලෝක කණ්ඩායම සමඟ පැවැති තරගාවලියේදී ලබා දුන් ආකාරයටම ප්‍රභූ පැලැන්තියේ රාජ්‍ය නායකයන්ට ලැබෙන ආරක්‍ෂාවක් සැපැයීමට පාකිස්තානය පොරොන්දු වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්