විස්සයි-20 නායකත්වය තිසරට?

  👤  1340 readers have read this article !
Published by : MB WEB 2017-10-19 12:58:05

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අබුඩාබිහිදී හා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ නායකත්වය තිසර පෙරේරාට හිමිව ඇතැයි වාර්තා වේ.

විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය හොබවන උපුල් තරංග පාකිස්තානයේ ලාහෝර් තරගයට නොයාමට ගත් තීරණයත් සමඟ විස්සයි-20 තරග තුනෙහි නායකත්වය පිළිබඳව ගැටලුව මතු විය. ඒ අනුව ලාහෝර් යාමට කැමැත්ත පළ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර, වඩාත් පළපුරුද්ද ඇති එකම ක්‍රීඩකයා වූ තිසර පෙරේරා නායකත්වයට පත්කිරීමට ප්‍රබලම සාධකය වූ බවද පැවැසේ.

කෙසේ වෙතත් පාකිස්තානය සමඟින් පැවැත්වෙන මෙම විස්සයි-20 තරගාවලියට දිනේෂ් චන්දිමාල් හා ලසිත් මාලිංග සහභාගි නොවන බවද දැනගන්නට ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්