ලීක් වුණ වීඩියෝවේ ඇත්ත කතාව පියුමිගෙන් එළියට
පියුමි මොකක්ද මේ ලීක් කරගත්ත වීඩියෝව?
ඒක මම ලීක් කරගත්ත වීඩියෝ එකක් නෙමෙයි. මට ඒ වගේ පහත් තත්ත්වයකට වැටෙන්න කිසිම වුවමනාවක් නැහැ. මම දැන් ඉන්න තත්ත්වය අනුව මගේ ක්ෂේත්රයේ මට හොඳ තැනක් තියෙනවා. ඉස්සරහටත් මම හොඳ වැඩ භාරගෙන තියෙනවා. මට හොඳ අනාගතයක් තියෙද්දි ඒ වගේ පහත් වැඩක් කරලා මගේ නම කැත කරගන්නේ නැහැ. ඒක කවදාවත් වෙන්නෙත් නෑ. ඒක මගේ වීඩියෝවක් නෙමෙයි.
හැබැයි සමාජ මාධ්‍යවල පැතිරෙන්නේ ඒ ඔයාගේ වීඩියෝවක් විදිහට
ගොසිප් පේජ් ගොඩක මම ඒක දැක්කා. මම ඒ අයට ප්‍රයිවට් මැසේජ් දැම්මා ඒක ඉවත් කරගන්න කියලා. මගේ යාළුවෙක් මගේ ඉන්බොක්ස් එකට දාලා තිබුණා ඒ වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝව. ඇත්තටම ඒ වීඩියෝවේ ඉන්නේ ඉන්දියන් ගෑනු ළමයෙක්. ඒ ගැහැනු ළමයාගේ ෆීචර්ස් මං වගේ. මං වගේ පේන තැන් කැප්චර් කරලා ඒ වීඩියෝ කොටසක් තමයි අප්ලෝඩ් කරලා තිබ්බේ.
ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝවෙන් හඳුනගන්න පුළුවන්ද ඒ පියුමි නෙමෙයි කියලා?
සම්පූර්ණ වීඩියෝව දැක්කොත් ඕන කෙනෙක්ට හොයා ගන්න පුළුවන් ඒ මම නෙමෙයි කියලා. ඒ සම්පූර්ණ වීඩියෝ එක මං ළඟ තියෙනවා. මම නෙමෙයි ඒ වීඩියෝවේ ඉන්නේ කියලා මට ඔප්පු කරන්න පුළුවන්.
මේ වීඩියෝව ගැන පියුමිට කොහොමද මුලින්ම දැන ගන්න ලැබුණේ?
සදේශ් බණ්ඩාර මට මැසේජ් කරලා තිබුණා මට මඩක් යනවා කියලා. ඒ ඔයා නෙමෙයි නිසා ඒක ඉක්මනට නිවැරදි කරන්න live වීඩියෝවක් දාන්න කිව්වා.මට එයා ඒ පෝස්ට් එකේ ලින්ක් එකත් එවලා තිබ්බා. මම හිතුවේ මගේ ෆොටෝ එකක් එඩිට් කරලා දාලා කියලා. මම සියයට පන්සියයක් දන්නවා මම ඒ තත්ත්වයේ ගෑනියෙක් නෙමෙයි කියලා. මම හොඳ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. වීඩියෝ එකේ ලින්ක් එකත් සදේශ් එව්වා. ඒ වීඩියෝව බලද්දී තේරෙනවා ඒ මම නෙමෙයි කියලා. මම හස්බන්ඩ් යටතේ ඉන්න කෙනෙක්. මට ඒ වගේ පහත් තැනකට වැටෙන්න කිසිම වුවමනාවක් නැහැ.
සැමියාගෙන් මේ සිද්ධියේදී මොන වගේ ප්රතිචාරයක්ද ලැබුණේ?
මගේ හස්බන්ඩ් කොහොමත් මාව විශ්වාස කරනවා. මම ෂූටින් ගියත් මම කොහේ ගියත් මගේ පස්සෙන්ම හස්බන්ඩ් ඉන්නවා. එයාගේ බිස්නස් අනුව මගෙත් එක්ක වැඩවලට එයාට එන්න පුළුවන්. මම තනියම කොහේවත් යන්නේ නෑ. මම කවදාවත් ඒ වගේ පහත් වැඩ කරන්නේ නෑ කියලා එයා දන්නවා. ඒ නිසා එයා කිව්වා ඔයා ගැන මිනිස්සු වැරැදියට හිතයි. ඒ නිසා ඒ ඉන්නේ ඔයා නෙමෙයි කියලා වීඩියෝවක් දාන්න කියලා. මම මානසිකව වැටිලා හිටියට එයා මගේ හිත හැදුවා.
ඒ වීඩියෝව සමාජ මාධ්‍ය පුරා මුලින්ම පැතිරුවේ කවුද කියලා දන්නවද?
'සයිකෝ' කියලා ගොසිප් පේජ් එකක් තියෙනවා. ඒ පේජ් එකට මැසේජ් කළාම එයා මට කැත විදිහට බැන්නා. මම කිව්වා ඔය පේජ් එක තවදුරටත් ඔය විදිහට තියාගන්න ඕනේ නම් අනුන්ට මඩ ගහන ඒවා නවත්තන්න, ඒ දාලා තියෙන පෝස්ට්, වීඩියෝ අයින් කරගන්න කියලා. ඒත් ඒ කෙනා කිව්වා "අපේ පේජ් ෙදාළහක් තියෙනවා. ඔයා දන්නේ නැහැනේ අපි කවුද කියලා". ඒක අයින් කරන්නේ නැහැ කියලා මට අනං මනං කිව්වා. ඒ පේජ් එක රිපෝට් කරනවා කිව්වම එහෙම කරන්න බැහැ කියලා ඒ පුද්ගලයා කිව්වා. මට තර්ජනය කරලා ඒ පුද්ගලයා මැසේජ් කළේ.
ඒ අය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද?
මම හඳුනන සී.අයි.ඩී. එකේ අය ච් ධ් ට් ලා ඉන්නවා. ඒ හැමෝටම මම මේ ගැන කියලා තියෙන්නේ. ඒ පේජ් කරන්නේ කවුද කියලා මම හොයා ගන්නවා. දැනටමත් මම ඒ ගැන හොයන්න ඔවුන්ට භාර දීලා තියෙන්නේ.
පහුගිය කාලේ පුරාවට ජනප්‍රිය චරිතවල වීඩියෝ ලීක් කරනවා කියලා ඔය වගේ දේවල් කළා. දැන් පියුමිවත් බොහෝ අය ගොසිප් කැරැක්ටර් එකක් කරගෙන නේද?
බොහෝ අය මාව ගොසිප් කැරැක්ටර් එකක් කරගත්තා. අපි මොකක් හරි දෙයක ඇක්ට් කළාම සමහරු අපිව විනිශ්චය කරන්නේ අමුතු විදිහට. පෞද්ගලික ජීවිතයේදීත් අපි රඟපාන චරිත වගේ කියලා ඒ අය හිතන්නේ. පිටරටවල නිළියන්ට මොන රංගනයන් කළත් මේ වගේ බලපෑම් නැහැ. ලංකාවේ මම කරපු මියුසික් වීඩියෝ දෙකක් නිසා මට ගොසිප් හැදුණා. මිනිස්සු අතරට මගේ නම ගියා. ඒ නිසා ගොඩක් අයට මගේ මුහුණ මතකයේ තිබ්බා. ඒ නිසා මේ විඩියෝවෙන් මං වගේ කෙනෙක්නේ කියලා මතක් වෙලා මඩක් ගහන්න ඒ දේ කරන්න ඇති. ඕක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ පහත් තත්ත්වය.
පියුමිව බොහෝ දෙනෙක් හඳුනාගත්තේ සරාගී මියුසික් වීඩියෝ නිසා. ඒ වීඩියෝවල රඟ නොපෑවා නම් හොඳයි කියලා දැන් හිතෙනවාද?
මේ වගේ පීඩනයන් එද්දී, මට නරක කමෙන්ට්ස් දෙද්දී ඒවා නොකර හිටියා නම් හොඳයි කියලා මට එක වෙලාවකට හිතෙනවා. මට එදා එහෙම නොහිතුණේ මම ඒ වීඩියෝ දෙක කළාම ප්‍රේක්ෂකයෝ ඒක දිහා නරක විදිහට නොබලා එය කලාත්මක විදිහට බලයි කියලා හිතුණා. නමුත් අද වෙද්දී මගේ නම කැතවෙලා කියලා මට දැනෙද්දී ඒ වීඩියෝ කරද්දී දෙපාරක් තුන්පාරක් මට හිතන්න තිබ්බනේ කියලා හිතුණා.
නැවත ඒ වගේ සරාගී මියුසික් වීඩියෝවල පියුමි පෙනී සිටින්නේ නැද්ද?
ඉදිරියට මම කොහොමවත් ඒ වගේ වීඩියෝ කරන්නේ නැහැ. මොකද මම ජීවත් වෙන්නේ ලංකාවේ. ලංකාවේ මිනිස්සුන්ගේ මනස තව අවුරුදු සියයක් ගියත් හදන්න බෑ. ලංකාවේ මිනිස්සු එක තැන පල් වෙනවා. ඔවුන්ගේ මානසිකත්වය හිතන පතන දේවල්වලින් ඔවුන්ව ගොඩගන්න බෑ. කන් නෑසෙන මිනිස්සුන්ට වීණා වාදනය කරනවට වඩා පැත්තකට වෙලා ඉන්නවා නම් හොඳයි කියලා මට හිතුණා. ඉදිරියේදී මම කරන්නේ හොඳ නිර්මාණ විතරයි. මම ඒ වගේ නිර්මාණවලට ආයෙත් සම්බන්ධ වෙන්නේ නැහැ. කරපු දේවල් අපරාදේ කියලා දැන් මට හිතෙනවා.
ඒ කියන්නේ පියුමි හිතනවා ඒ කළ දේවල් හොඳ තත්ත්වයේ නිර්මාණ නෙමෙයි කියලා?
ඒ කළ නිර්මාණ හොඳ තත්ත්වයේ නිර්මාණ. ඒවා නිර්මාණාත්මක දේවල්. නමුත් මිනිස්සු ඒක බලන්නේ වැරදි විදිහට. තමන්ගේ කාම ආශාව හිතේ තියාගෙන තමයි වීඩියෝව බලන්නේ. ක්ලියෝපැට්රා ගීතය ගත්තත් ඒකෙ පද මිනිස්සුන්ට මතක නැහැ. මතක තියෙන්නේ මියුසික් වීඩියෝවේ තියෙන අඩ නිරුවත් දර්ශන විතරයි. පියුමිගේ අඩ නිරුවත් දර්ශන තියෙනවනේ කියලා තමයි බලන්නේ. ඒක ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය. ඒකෙ තියෙන කියවීම ගැන බලන්නේ නෑ. මිනිස්සු බලන්නේ හෙලුව විතරයි. ඒ තරම් ඒ මිනිස්සුන්ගේ හිත දූෂණය වෙලා.
දැන් ටෙලි තිරයටත් පියුම් සම්බන්ධ වෙලා නේද?
දැනට ටෙලිඩ්‍රාමා හතරක් භාරගෙන තියෙනවා. ඔන්න ඔහේ මෙන්න මෙහේ කියන ටෙලි නාට්‍ය ළඟදී විකාශය වෙනවා. අනෙක් ටෙලි නාට්‍යවල රූගත කිරීම් මේ දවස්වල සිද්ධ වෙනවා.
සරාගී මියුසික් වීඩියෝවලින් දැකපු පියුමිට වෙනස් වෙන්න නිර්මාණකරුවෝ අවස්ථාව දීලා වගේ?
ඔව්. මට වෙනස් වෙන්න චාන්ස් එකක් දීලා තියෙනවා. ටෙලි ඩ්‍රාමා අධ්යක්ෂවරු මට පැහැදිලි කළා ලංකාවේ මිනිස්සුන්ට ඔය වගේ නිර්මාණ හරියන්නේ නැහැ කියලා. මගේ හැකියාව පෙන්වන්න චාන්ස් එකක් දෙනවා කියලා ඒ අය කිව්වා. මට හොඳ හැකියාවක් තියෙනවා කියලා ඔවුන් දන්නවා. ඒ නිසා මට ලැබුණ අවස්ථාවලට මම සම්බන්ධ වුණා. අඩ නිරුවත්, නිරුවත් දර්ශන මම ඉදිරියට භාර ගන්නේ නැහැ.
කලාත්මක නිර්මාණයක් වෙනුවෙන්වත් අඩ නිරුවත් හෝ නිරුවත් වෙන්න ඔබ සූදානම් නැද්ද?
නැහැ. දැනට මේ තියෙන තත්ත්වය අනුව මම ඒකට සූදානම් නැහැ. මං වගේ කියලා ලීක් කරපු වීඩියෝ එක නිසා මම මානසිකව වැටුණ නිසා මම මේ තීරණයේ ඉන්නවා ඇති. නමුත් මම ඉදිරියේදී බලනවා නිර්මාණයක් එක්ක මොකද කරන්න පුළුවන් කියලා.
මේ සිද්ධිය නිසා පියුමිගේ ජීවිතයට ලොකු කැළලක් එකතු වුණානේ. ඒකෙන් මිදෙන්න පහසු වෙයිද?
මාධ්‍යවලින් මට ලොකු උදව්වක් ලැබුණා. ඒ වගේම ෆේස්බුක් මිතුරන්ගෙනුත් මට ලොකු සහායක් ලැබුණා. මං ගැන දන්නා අය දන්නවා. මම ඒ වගේ චරිතයක් නෙමෙයි, ඒ වීඩියෝ එකත් මගේ නෙමෙයි කියලා. මේ සිද්ධියෙන් මට කැළලක් වුණා. මේක නිවැරදි කරන්න කලින් ගොඩක් අය හිතුවේ ඒ වීඩියෝවේ ඉන්නේ මම කියලා. වැදගත් වෙබ් සයිට්වලට මම ඇත්ත වීඩියෝව දීලා තියෙනවා. එයාලා මට උදව්වක් විදියට ඒක නිවැරදි කරන්න දාන්නම් කිව්වා. ඉදිරියේදී හැමෝම පිළිගනියි මම නිවැරැදියි කියලා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මෙය මාගේ අවසන් කමිටු රැස්වීම විය හැකියි 🕔2018-06-13
- 48 දෙනකුගෙන් සමන්විත කමිටුවක් උතුරු නැඟෙනහිර සංවර්ධනයට 🕔2018-06-13
- අර්ජුන මහේන්ද්‍රන් ඉතා සංවිධානාත්මකව භාණ්ඩාගාරයට යා යුතු රාජ්‍ය මුදල් තම බෑනාගේ සමාගමට ඇදගැනීමට චේතනාන්විතවම ක්‍රියා කරලා 🕔2018-06-13
- ප්‍රසන්න රණතුංග මහතා කාර්යාලය තුළට පැමිණියා නම් ඒ සියල්ල රහසිගතව 🕔2018-06-13
- කටහඬ පිරික්සීම සඳහා විත්තිකරු ශානිල්ට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි නියෝග 🕔2018-06-13
- 25 ලේලියට ලිංගික අතවර කළේ යැයි රක්ෂිතයේ සිටි 57 හැවිරිදි මාමාට ඇප 🕔2018-06-13
- ගම්මැද්දේගොඩ පියසිරි හිමි ඝාතනය ගැන චෝදනා ලැබූ විත්තිකරුවන් නිෙදාස් කොට නිදහස් කරයි 🕔2018-06-13
- පුත්තලමේ පුංචි යුද්ධයක් 🕔2018-06-13
- වක්‍ර බදු අඩු කිරීම විශාල අභියෝගයක් 🕔2018-06-13
- පාතාල මර්දනය වේගවත් කරන්නැයි පොලිස් නිලධාරීන්ට උපදෙස් 🕔2018-06-13
- ඇමැති උපදෙස් මත ළමා ශ්‍රමිකයන් සොයා වැටලීම් 🕔2018-06-13
- ඊමේල් හරහා එන බැංකු ගිණුම් සම්බන්ධ පණිවුඩ ගැන පරිස්සමෙන් 🕔2018-06-13
- යාපනයේ යක්ෂ බියක් 🕔2018-06-13
- කිලිනොච්චියේ තරුණයාගේ මළ සිරුර ගෙන ඒමට තිස්දාහක් අරන් 🕔2018-06-13
- මැතිව්ස් හදිසියේම ගෙදර එයි ! 🕔2018-06-13
- පිරිමි යුගල ශූරතාව ශ්‍රී ලංකාවට 🕔2018-06-13
- පළාත් සංචිත අඩපණ වෙයි 🕔2018-06-13
- ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව වාර්තා 48ක් 🕔2018-06-13
- සමස්ත ලංකා පාසල් මේස පන්දු තරගාවලියේ 14න් පහළ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව ගල්කිස්සට 🕔2018-06-13
- 17 වැනි ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේදී වැඩි ගෞරව මහාමායා බාලිකාවන්ට 🕔2018-06-13
- ජනතාවට ද්‍රෝහී වන සියල්ලන්ට අපේ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා 🕔2018-06-13
- අපේ ජනතාව ඡන්දය දෙන්නේ සිරිකොතෙන් කියන කෙනාටයි 🕔2018-06-13
- ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමට රනිල්-මෛත්‍රි දවල් හීන දකිනවා 🕔2018-06-13
- රට උකස් කර ගිනි පොලියට ණය අරන් අගමැති රනිල් ලෝක වාර්තාවක් තියලා 🕔2018-06-13
- සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අපේ ආර්ථිකයට අහිතකරයි 🕔2018-06-13
- අවුරුදු 67ක් තිස්සේ බැළමෙහෙවර කළ නිවෙසේ දර මඩුවට දමා අපා දුක් විඳිමින් සිටි 75 හැවිරිදි කත බේරාගෙන 🕔2018-06-13
- දස හැවිරිදි පුතු සමඟ අබලන් ගෙයක ජීවත් වන සමුද්‍රා උදවු පතයි 🕔2018-06-13
- මහජනයා නොසිතූ දුෂ්කරතාවන්ට ලක් කරන තැපැල් වර්ජනය 🕔2018-06-13
- මණ්ඩලේ 86 ට 🕔2018-06-13
- රටේ ප්‍රශ්න වෙනුවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්නවා 🕔2018-06-13
- හින්දු කටයුතුවලට මුස්ලිම් ඇමැති කෙනෙක්: ක්‍රිස්තියානි කටයුතුවලට බෞද්ධයෙක් 🕔2018-06-13
- ශිිවාජිලිංගම්ට සංහිඳියාව අරහං 🕔2018-06-13
- ස්වාමිනාදන්ගේ යෝජනාවෙන් කැබිනට් එක ඇවිලෙයි 🕔2018-06-13
- තැපැල් වර්ජනය දිඟටම 🕔2018-06-13
- විශේෂඥ වෛද්‍යවරු දැඩි තීන්දුවක 🕔2018-06-13
- විසඳුම් අපිම සොයා ගන්නම්: යාපනය ජනතාව සේනාධිරාජාව එළවයි 🕔2018-06-13
- පරිපාලන සේවා නිලධාරින්ගේ මල්ල කරේ 🕔2018-06-13
- උඩපළාත ප්‍රා.සභාවේ ගෝරියක් 🕔2018-06-13
- භූමිතෙල් ලීටරය රු. 70ට දීමට කැබිනට් අනුමැතිය 🕔2018-06-13
- ලක්ෂ 50 මංකොල්ලයේ සැකකරුවකු හා වාහනයක් අත්අඩංගුවට 🕔2018-06-13
- මූලික කරුණු 20ක් ගැන 16 කණ්ඩායම අද සාකච්ඡා 🕔2018-06-13
- සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14ට තවත් ලක්ෂ 11/2ක් එක්වෙයි 🕔2018-06-13
- ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ-4 🕔2018-06-13
- ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු රැයත් මට සාමාන්‍ය රාත්‍රියක්ම වුණා 🕔2018-06-13
- ලංවිම ඉන්ජිනේරු වැඩවැරුම අත්හිටුවයි 🕔2018-06-13
- සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හය දෙනාට ඇප 🕔2018-06-13
- උල් ආයුධයකින් ඇන තුවාල කළ රූපවාහිනි නිවේදකයා රිමාන්ඩ් 🕔2018-06-13
- දකුණ බිලිගත් ඉන්ෆ්ලුවන්සා වයිරසය ගම්පහටත් ඇතුළු වෙයි 🕔2018-06-13
- අන්තරේ භික්ෂු බල මණ්ඩලය විරෝධතාවක 🕔2018-06-13
- ගුවන් සේවා සමාගමේ නව උප සභාපති කපිතාන් මිලින්ද රත්නායක 🕔2018-06-13
- හිටපු ජනපති ගුවනින් මත්තලට 🕔2018-06-13
- හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට එරෙහි සාක්කි අනාවරණය වුවහොත් අත්අඩංගුවට ගන්නවා 🕔2018-06-13
- ඛනිජ තෙල් සංස්ථාවෙන් දුම්රියට රුපියල් කෝටි තිස්දෙකක පොල්ලක් 🕔2018-06-13
- සාධාරණ මිලකට පොහොර අලෙවි කරන්න රජය පොරොන්දු වුණා 🕔2018-06-13
- කටාර් සිට ගෙනා 'ලක්ෂ දාහතේ ගමන් මල්ල' අත්අඩංගුවේ 🕔2018-06-13
- රාජගිරිය ගුවන් පාලමේ අනතුරුදායක තත්ත්වයක් නෑ 🕔2018-06-13
- දෙදෙනකු විශ්‍රාම වැටුප් ක්‍රමය හදාරන්න ඇමෙරිකාවට යවලා 🕔2018-06-13
- ඉන්ජිනේරු පාඨමාලා ආයතනය වසා දැමීමෙන් සිසුන් දහසක් අපහසුවේ 🕔2018-06-13
- සිංහරාජේ සිටින අලි දෙදෙනා ඉවත් කරන්නට සැරසෙනවා 🕔2018-06-13
- මැතිවරණයට ගත් මුදල් ගැන ගැටලු මතුවන්නේ ඇමැතිවරුන් ප්රචාරක වියදම් සීමා කිරීමේ පනත ලාච්චුවේ දාගෙන සිටියදීය 🕔2018-06-13
- හත් වැනි චූදිතයා සම්බන්ධයෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? 🕔2018-06-13
- ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් නොදන්නා අලුත් ව්‍යවස්ථාවක් 🕔2018-06-13
- විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ගන්නා දේශපාලනඥයන් ජනතා අධිකරණයට රැගෙන යා යුතුයි 🕔2018-06-13
- අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා 🕔2018-06-13
- රාජපක්ෂ ආණ්ඩුව හා මුස්ලිම් ප්‍රජාව අතර භේද ඇති කළේ දෙස්-විදෙස් බලවේගයි 🕔2018-06-13