බීජ අර්තාපල් සඳහා සියයට 50 ක සහනාධාරයක් දෙන්න යයි

  👤  927 readers have read this article !
Published by : MB WEB 2017-11-01 10:14:53

අවාරයේදී අර්තාපල් වගාකරනු ලබන ගොවීන්ට බීජ අර්තාපල් සඳහා සියයට 50 ක සහනාධාරයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
 
පසුගියදා ආරම්භකළ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ප‍්‍රතිපත්තිමය තීරණ සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම පිළිබඳව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත.
 
මෙරට අර්තාපල් වගා කරන කාලය තුළදී පිටරටින් අර්තාපල් ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දී තිබිණි.
 
පසුගිය වසර එක හමාර තුළ පැවති නියඟයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට බීජ වී ලබාදීම සඳහා ඉදිරියේදී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවද ජනාධිපතිතුමා එහිදී පැවසීය.
 
 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්