ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙනවා

  👤  690 readers have read this article !
Published by : MB WEB 2017-11-01 13:17:08

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට නම් අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි.

ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලෝකය ඉදිරියට යෑමට නම් අලුත් ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය වන බවත් ඒ හරහා මෙරට ආර්ථිකය ශක්තිමත් කරගැනීමට හැකි වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ දිනවල නව ව්‍යවස්ථාවක් සඳහා යෝජිත අතුරු කමිටු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව පැවැසූ අමාත්‍යවරයා එම විවාදයෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජනාවලියක් සකස් කර ඒ පිළිබඳව මහා සංඝරත්නයේ හා ජනතාවගේ අදහස් ලබා ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ 31 වැනිදා මට්ටක්කුලිය හේනමුල්ල ප්‍රදේශයේ පැවැති මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර ජනතා අයිතියට පැවැරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී බේරේ වැව හා වොක්ෂෝල් වීදියේ ජීවත් වූ පැල්පත්වාසීන් 218කට නව නිවාස ලබාදීම සිදු කෙරිණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 'යහපාලන ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු' ඇතත් හැකි උපරිමයෙන් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවයි.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
ඡායාරූප - තිළිණ ප්‍රනාන්දු

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්