ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

  👤  2190 readers have read this article !
Published by : MB WEB 2019-01-07 11:22:50

ඉන්දුනීසියාවේ මොලුක්කා දුපත් ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම හයක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත.

භු කම්පනය කිලෝමිටර් 60 යි දශම 5 ක ගැඹුරකින් යුක්තව සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි සම්න්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇතිවීමේ අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

පසුගියදා ඉන්දුනීසියාවට බලපෑ භු කම්පන සහ සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 430 ක් මියගොස් තවත් 1500 කට අධික පිරිසක් තුවාල ලැබීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon