ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් කරමින් වෙනසක් සොයා යන 3 වැනි තරගය අදයි

  👤  2517 readers have read this article !
Published by : MB WEB 2019-01-08 07:48:55

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (08දා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 3.30ට නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් පිටියේදී දිවා තරගයක් ලෙස ආරම්භවීමට නියමිතව ඇත.

එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස මේ වනවිටත් ජයගෙන සිටින නවසීලන්තයට අද තරගය පීඩනයක් නැති නමුත් දැඩි පීඩනයක් යටතේ තරග වදින ශ්‍රී ලංකාව මෙම තරගයේදීත් පරාජය වුවහොත් 1991 වසරෙන් පසු නවසීලන්තය සමඟ නවසීලන්තයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනක් හෝ ඊට වඩා වැඩි එක්දින තරගාවලියක එකදු හෝ තරගයක් ජයගැනීමට නොහැකි වූ තරගාවලිය මෙය බවට පත්වීමට නියමිතය.

කෙසේ වෙතත් නැතිවීමට දෙයක් නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් සික්කුගේ ප්‍රසන්න වෙනුවට දසුන් ශානකත්, අසේල ගුණරත්න වෙනුවට දුෂ්මන්ත චමීර හෝ සධීර සමරවික්‍රම යොදවා ගැනීමට නියමිතව ඇති බවද පැවැසේ.

වේග පන්දු යවන්නන්ට හා දඟ පන්දු යවන්නන්ට සමසේ හිතකර තත්ත්වයක් පවතින බව පැවැසෙන මෙම ක්‍රීඩා පිටියේදී අවසන් වරට 2016 වසරේ ජනවාරි මාසයේදී පැවැති තරගය තීරණයක් නොමැති වුවද එම තරගාවලියේදීම එයට පෙර පැවැති තරගයේදී කඩුලු 8ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබිණි.

මේ අතර මේ වනවිට එක්දින කඩුලු 315ක් ලබා ලොව එක්දින පන්දු යවන්නන් අතර 12 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අද තරගයේදී එක් කඩුල්ලක් ලබාගතහොත් එක් පියවරක් ඉදිරියට පැමිණීමට හැකියාවක් තිබීමද විශේෂත්වයකි.

අද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති
ශ්‍රී ලංකා කණ්ඩායම _
ධනුෂ්ක ගුණතිලක,
නිරෝෂන් දික්වැල්ල,
කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්,
දිනේෂ් චන්දිමාල්,
සධීර සමරවික්‍රම/
දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා,
දසුන් ශානක, ලසිත් මාලිංග,
ලක්‍ෂාන් සඳකැන්,
නුවන් ප්‍රදීප්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon