සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය නිශාන් මධුෂ්කගෙන් සිවුවැනි ශතකය

  👤  1758 readers have read this article !
Published by : MB WEB 2019-01-09 09:02:01

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ශතකයක් රැස්කරමින් මෙවර තරග වාරයේ තම සිවුවැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මොරටු විද්‍යාලයේ නිශාන් මධුෂ්ක සමත් විය.

රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් තම පිලට ඉනිමක සහ ලකුණු 96ක ජයක් ගෙනදීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කෞමාල් නානායක්කාර සමත්විය.

එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ වමත් දඟ පන්දු යවන කෞමාල් නානායක්කාර ඉනිම දෙකේදී ලකුණු 60කට කඩුලු 10ක් දවාලීය.

තවද ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසිත මදනායක දෙබරවැව ජාතික පාසලට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වීය. තවත් තරගයකදී පන්දුවෙන් දස්කම් දැක්වූ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නදීර ඉෂාන් පොතුවිල මහා විද්‍යාලයට එරෙහිව ඉනිම දෙකේදී ලකුණු 33කට කඩුලු 10ක් දවාලීය.

මෙම තරගවලදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දෙබරවැව ජාතික පාසලට එරෙහිව ඉනිමක සහ ලකුණු 25ක ජයක් ලැබූ අතර, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය පොතුවිල මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 124ක ජයක් ලැබීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon