ජෙෆ් බෙසෝස්: ලොව ධනවත් ම පුද්ගලයා දික්කසාද වීමට තීරණය කරයි

  👤  1550 readers have read this article !
Published by : MB WEB 2019-01-11 13:46:34

ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් (Jeff Bezos) සහ ඔහුගේ බිරිඳ වන මැකෙන්සි බෙසෝස් වසර 25 ක විවාහ දිවිය අවසන් කරමින් දික්කසාද වීමට තීරණය කර තිබේ.

ඔවුන් දෙදෙනා ට්විටර් ඔස්සේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බදාදා(09) ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කර තිබිණි.

 

"දීර්ඝ කාලයක් ආදරයෙන් බැඳී සිටි අපි දික්කසාද වී මිතුරන් ලෙස ජීවිතය බෙදා ගැනීමට තීරණය කළ," බව ඔවුන් දෙදෙනා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වසර 25 කට පෙර ඇරඹුණු ඇමසෝන් සමාගම මේ සතියේදී මයික්‍රොසොෆ්ට් සමාගම අභිබවා යමින් 'ලොව වටිනා ම ලේඛනගත සමාගම' බවට පත්විය.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය අනුව ලොව ධනවත් ම පුද්ගලයා වන ඇමසෝන් සමාගමේ නිර්මාතෘ 54 හැවිරිදි ජෙෆ් බෙසෝස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 137 කි. දෙවන ස්ථානයේ පසුවන බිල් ගේට්ස්ට වඩා ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45 කින් වැඩිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon