කවීෂ මතීෂ ලකුණු 0ට කඩුලු 7යි

  👤  2135 readers have read this article !
Published by : MB WEB 2019-01-16 08:02:38

ඉෂාන් රශ්මිත

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී මාතර අලපලාදෙණිය මහා විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල 'බී' පිලේ දකුණත් පා දඟ පන්දු යවන කවීෂ මතීෂ ලකුණු කිසිවක් ලබානොදී ප්‍රතිවාදී කඩුලු 7ක් දවාලීමට සමත් විය.

අම්බලන්ගොඩ පොල්වත්ත පියසේන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කවීෂ මතීෂ පන්දුවාර 9ක් යැවූ අතර, එම පන්දුවාර 9ම නිලකුණු පන්දුවාර ලෙස සටහන් විය. මෙම තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල 'බී' පිල අලපලාදෙණිය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 150ක ජයක් ලැබීය.

තවත් තරගයකදී අළුත්වල මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට ගාල්ල මහින්ද විද්‍යාල 'බී' පිල සමත් වූ අතර, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාල 'බී' පිල හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාල 'බී' පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.

මෙම තරගයකදී දුල්සත් නිම්විරු (ගාල්ල ශාන්ත ඇලෝසියස් 'බී') පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

අම්බලන්ගොඩ ධර්මාශෝක 'බී' _ අලපලාදෙණිය මවි
ධර්මාශෝක 'බී': පළමු ඉනිම _ 258/5 (පන්දුවාර 33) නුවන් ඉෂාර 32, චේතක සිතුම් නොදැවී 32, චානුක කරුණාරත්න නොදැවී 29, සඳෙව් නෙත්සර 29, කවීෂ මතීෂ 26, සුහස් ද සිල්වා 25, චානුක බිම්සර 18
අලපලාදෙණිය මවි: පළමු ඉනිම _ 50 (පන්දුවාර 25.1) ලක්ෂාන් චතුරංග 13, අයුෂාන් ප්‍රසාද් 12, කවීෂ මතීෂ 0/7, චානුක බිම්සර 11/3
අලපලාදෙණිය මවි: දෙවැනි ඉනිම _ 58 (පන්දුවාර 18) ලක්ෂාන් චතුරංග 14, කවීෂ මතීෂ 14/4, චානුක බිම්සර 30/4
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල 'බී' පිලට ඉනිමක සහ ලකුණු 150ක ජයක්
ගාල්ල මහින්ද 'බී' _ අලුත්වල මවි
අලුත්වල මවි: පළමු ඉනිම _ 63 (පන්දුවාර 24.2) කවීෂ ගිම්සර 15/3, සවිතු ලියනගුණවර්ධන 20/3, පුළිඳු හංසක 12/2
මහින්ද 'බී': පළමු ඉනිම _ 170/6 (පන්දුවාර 27.5) දුල්සිත් දර්ශන 57, විනූප නෙත්මිර නොදැවී 41, කවීෂ ගිම්සර 37, සහන්ජිත් ඉරුගල්බණ්ඩාර 10
අලුත්වල මවි: දෙවැනි ඉනිම _ 72 (පන්දුවාර 27) සවිතු ලියනගුණවර්ධන 16/4, කවීෂ ගිම්සර 22/3, විනුප නෙත්මිර 16/2
ගාල්ල මහින්ද විද්‍යාල 'බී' පිලට ඉනිමක සහ ලකුණු 35ක ජයක්
ගාල්ල ශාන්ත ඇලෝසියස් 'බී' _ හික්කඩුව ශ්‍රී සුමංගල මමවි 'බී'
ශාන්ත ඇලෝසියස් 'බී': පළමු ඉනිම _ 180/9 (පන්දුවාර 43.1) දිමුත් නිම්සර 48, ඔපල ටසිත් 26, තිනුක ගිනෙත් 19, මතීෂ රන්දෙව් 14, සෙවිත දුල්මල් 13, ලසිත් අශේන් 34/3, අශාන් චින්තක 28/2
ශ්‍රී සුමංගල මමවි 'බී': පළමු ඉනිම _ 79 (පන්දුවාර 29) ලකිත් දේවින්ද 29, අශාන් චින්තක 17, තරෝ ගෞතම් 13, දුල්සත් නිම්විරු 17/6, කුවිඳු පියුමාල් 24/2
ශ්‍රී සුමංගල මමවි 'බී': දෙවැනි ඉනිම _ 49/5 (පන්දුවාර 19.1) යසින්ත සඳරුවන් 17, ලසිත් අශේන් 11, දුල්සත් නිම්විරු 19/3
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාල 'බී' පිලට පළමු ඉනිමේ ජයක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon