මීතොටමුල්ලට නොදෙවැනි මාතර කොටවිල කුණු කන්ද

  👤  1964 readers have read this article !
Published by : MB WEB 2019-01-16 06:07:55

තිහගොඩ - කැලුම් පලොල්පිටිය

ලංකාවේ පළාත් පාලන ආයතනවල ප්‍රධාන ගැටලුව බවට පත් වී ඇත්තේ කුණු ප්‍රතිචක්‍රියකරණය සම්බන්ධයෙන් ඇති අවුල් සහගත ප්‍රතිපත්තියයි. මේ වන විට ලංකාව පුරාම පළාත් පාලන ආයතනවල ප්‍රධාන ගැටලුවක් බවට පත් වී ඇත්තේ කසළ ගැටලුවයි.

මීතොටමුල්ල කුණු කන්දට නොදෙවැනි ආකාරයෙන් මාතර කොටවිල ගම්මානයම අද කුණු රකුසා විසින් ගිලගෙන අවසානය. මේ වන විටත් මිනිසුන්ට නොයෙක් ආකාරයෙන් තුවාල, බෝනොවන රෝග ඇති වී තිබේ. අදාළ බලධාරීන්ට කිහිප අවස්ථාවක දී මේ පිළිබඳව පැවසුවද කිසිදු ප්‍රයෝජනයක් නොවූ බව ජනතාව පවසති.

මාතර කොටවිල ප්‍රදේශයේ කුණු කන්ද කරදරකාරී ලෙස මෙලෙස ඉදිවෙමින් තිබේ. මාතර මහ නගර සභාව මඟින් ක්‍රියාත්මක කරන කසළ ප්‍රතිචක්‍රියකරණ වැඩසටහනක් ලෙසින් පැවති පාලන කාලයේ මෙය ආරම්භ කෙරුණද අද වනවිට එය නතර වී තිබේ. අධික දුර්ගන්ධය හා විවිධ පාරිසරික කාරණා හේතුවෙන් ගම්වාසීහු මහත් අපහසුතාවට ලක්ව සිටිති. පොහොර සකස් කරනවාය යන මුවාවෙන් මේ ස්ථානය ආරම්භ කර තිබේ. ගමේ ජනතාවට රස්සා දෙන බව මුල් අවස්ථාවේ සිට ප්‍රකාශ කරමින් ජනතාව මුළාවට පත් කර තිබේ.

මැසි මදුරුවන් කොටවිල ගම්මානයේ ඇති සියලුම නිවෙස් ආක්‍රමණය කර තිබේ. ඒ වාගේම ජනතාවට බොන්න තිබූ ළිං පවා මාතර කුණු කන්ද සිය ග්‍රහණයට නතු කරගෙන හමාරය.

කොටවිල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නිර්මාණය කර තිබෙන්නේ කුණුකන්ද ආසන්නයේය. මේ ස්ථානයට පැමිණෙන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගඳ උහුලා ගැනීමට නොහැකිව විවිධ අපහසුතාවන්ට පත් වී තිබේ. මෙම ස්ථානයට කුණු ට්‍රැක්ටර් එන ආකාරයෙහි පවා කිසිදු ප්‍රමිතියක් නැත. ඒවායෙහි කිසිදු ආවරණයක් හෝ දමාගෙන නොපැමිණීම විශාල ගැටලුවකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon