කොස්පොතු ඔය උස්සාන ජල යෝජනා ක්‍රමය වසර අටක් තිස්සේ අකර්මණ්‍ය තත්ත්වයක

  👤  2156 readers have read this article !
Published by : MB WEB 2019-01-17 06:16:17

කුරුණෑගල -

විජේසිංහ වැලිකන්ද

කුරුණෑගල මාවතගම වැවගෙදර ප්‍රදේශයේ ජනතාවගේ කෘෂි අවශ්‍යතා වෙනුවෙන් ඉදිකළ කොස්පොතු ඔය උස්සාන ජල යෝජනා ක්‍රමය දැන් වසර අටක් තිස්සේ අකර්මණ්‍ය තත්ත්වයක පවතින බව එම ප්‍රදේශවාසීහු පවසති.

මාවතගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි වැව් අතරින් විශාලම වැව වන නාරංගොඩ වැවේ ජලයෙන් අක්කර 200කට ආසන්න කුඹුරු ප්‍රමාණයක ගොවිතැන් කටයුතු කරන වැවගෙදර ප්‍රදේශයේ ගොවීන්ට එම වැවේ ජලය ප්‍රමාණවත් නොවූ බැවින් මෙම කොස්පොතු ඔය උස්සාන ජල ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණි. 2006 වකවානුවේ පැවැති රජය ක්‍රියාත්මක කළ නිල් දියවර වයඹ වැව් උදානය සංවර්ධන සංග්‍රාමය යටතේ වයඹ පළාත් සභා අරමුදල් රුපියල් ලක්ෂ 80ක වියදමින් ඇරැඹූ මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කර ඇත්තේ 2007 මැයි 21 දින එවකට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ධුරය දැරූ චමල් රාජපක්ෂ මහතා විසිනි.

ඉන්පසු මීට වසර 8කට පමණ පෙර මෙම ජල යෝජනා ක්‍රමය අකර්මණ්‍ය වී තිබේ.

මේ වන විට මෙම ව්‍යාපෘතියට අදාළ වතුර මෝටරය, බට පද්ධතිය ඇතුළු සියලු උපකරණ විනාශ වෙමින් පවතින බව ගොවි ජනතාව පෙන්වා දෙති. වැවගෙදර ප්‍රදේශය හරහා ගලා බසින කොස්පොතු ඔය හරස් කොට ඉදිකළ මෙම උස්සාන ජල යෝජනා ක්‍රමය අකර්මණ්‍ය වීම හේතුවෙන් තමන් වසර ගණනක සිට දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව පවසන වැවගෙදර ජනතාව එම ජල යෝජනා ක්‍රමය යථා තත්ත්වයට පත්කර දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon