නීති විරෝධී පෙති ලංකාවට ගෙනා ඉන්දියානු ජාතිකයාට මාංචු

  👤  1736 readers have read this article !
Published by : MB WEB 2017-08-30 16:37:57

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු ගබ්සා පෙති නමින් හැඳින්වෙන නීති විරෝධී Misoprostol නැමති පෙති වර්ග 16,930 ක පමණ ප්‍රමාණයක් සිය ගමන් මලු තුළ සඟවා ගුවන් තොටුපලින් පිටතට ගෙනයාමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් ඉන්දියානු ජාතිකයා වයස අවුරුදු 32ක පුද්ගලයකු වන අතර ඔහු ඊයේ(29) රාත්‍රියේ UL196 දරණ ගුවන් යානයෙන් ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත් නීති විරෝදී පෙති වල මුළු වටිනාකම රු.2,313,503 වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ. 



මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon