ID එකේ ෆොටෝ එක හෙට සිට වෙනස් වෙයි

  👤  2760 readers have read this article !
Published by : MB WEB 2017-08-31 10:13:52

ජාතික හැඳුනුම්පත සඳහා නව ප්‍රමිතියකින් යුත් ඡායාරූපයක් හෙට (1දා) සිට හඳුන්වා දෙන බව පුරවැසියන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගැනීමට සුදුසුකම් ලබා පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ලියාපදිංචි වූ ඡායාරූප ශාලාවලින් පමණක් ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගත යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පුරවැසියන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ඔක්තෝබර් මස 1 වැනිදා සිට හඳුන්වා දෙන නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට යොදා ගන්නේ මෙම නව ප්‍රමිතියකින් යුත් ඡායාරූප පමණක් බවත් තම හැඳුනුම්පතට අදාළ ඡායාරූප ලබා ගත හැකි ස්ථාන පිළිබඳව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් තොරතුරු ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon