පිරිවෙන් නඟාසිටුවීමේ ජාතික වැඩසටහනක්

  👤  2159 readers have read this article !
Published by : MB WEB 2017-08-31 13:59:30

'සසුනට දිරිදෙන - සුරකිමු පිරිවෙන' ජාතික වැඩසටහන යටතේ හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් සඳහා මූල්‍ය ආධාර සහ පහසුකම් ලබාදීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

මෙහි දී ‍හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් 10ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 බැගින් ද, රුපියල් ලක්ෂ 09 බැගින් පිරිවෙන් 60ක් සඳහා සනීපාරක්ෂක පද්ධති ආධාර ද, පිරිවෙන් 42ක් සඳහා ගණිත උපකරණ කට්ටල ද බෙදාදීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.

(රජයේ නිල පුවත් සේවය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon