ඉගෙනුම ලබන ස්වාමීන් වහන්සේටත් රු.ලක්ෂ 2ක රක්ෂණාවරණයක්
පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලු ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ ගිහි සිසුන්ට ද රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණය ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.
'සසුනට දිරිදෙන - සුරකිමු පිරිවෙණ' ජාතික වැඩසටහන යටතේ හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් සඳහා මූල්‍ය ආධාර සහ පහසුකම් ලබාදීම වෙනුවෙන් ඊයේ (31) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජයේ අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා රුපියල් 2,500 ක ශිෂ්‍යත්ව දීමනාව ලබා දීම මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංඝරත්නයේ ඉල්ලීම පරිදි පිරිවෙන් සංවර්ධන අරමුදචලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
මෙම අවස්ථාවේ දී හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් 10ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 බැගින් ද, රුපියල් ලක්ෂ 09 බැගින් පිරිවෙන් 60ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ආධාර ද, පිරිවෙන් 42ක් සඳහා ගණිත උපකරණ කට්ටල බෙදාදීම ද අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.
පිරිවෙන් අධ්‍යාපන උපදේශක පූජ්‍ය අත්තංගනේ ශාසනරතන ස්වාමීන් වහන්සේ මුලසුන දැරූ මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඤාණරතන ස්වාමීන් වහන්සේ ප්රමුඛ ගරුතර සංඝරත්නය සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා, අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) ආචාර්ය මධුරා වේහැල්ල මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
(රජයේ නිල පුවත් සේවය)
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17