රණවිරුවන්ට අත තියන්න පිටරැටියන්ට ඉඩදෙන්නේ නෑ

  👤  2522 readers have read this article !
Published by : MB WEB 2017-09-04 09:42:07

පහන් විජේසේකර, සිදත් මෙන්ඩිස්

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව වෙනත් හමුදාපතිවරු ඇතුළු මෙරට කිසිදු රණවිරුවකුට අත තැබීමට පිටරැටියන් කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් රාජ්‍ය නොවන සංවිධාන පවසන පරිදි තමා කටයුතු කිරීමට සූදානම් නැති බවත් රටට ජාතියට හිතෛෂී යහපත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ තමන් කටයුතු කරන බවත් ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.

නව තාක්ෂණය සහ උගත් තරුණ පරපුර සමඟ ඒකාරාශී වී හෙට දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් දූෂණයෙන් තොර ආණ්ඩුවක් සෑදීමට සියලුම දෙනාට එක්වන්නැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

බලයේ ප්‍රධාන සාධකය හා ශක්තිය වනුයේ මන්ත්‍රිවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් නොව රටක පොදු ජනතාව යැයි පැවැසූ ජනාධිපතිවරයා පවිත්‍ර දේශපාලනයකට කැප වී හෙට දවස වෙනුවෙන් ශ්‍රී ලනිපය ගොඩනැඟීමට උගත් නව පරපුරකට භාරදිය යුතු බවත් සඳහන් කළේය.

තවද තමා එජාපය සමඟ සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටු වූයේ සංගීත පුටු තරගයකට හෝ විනෝදයකට නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී ඊයේ (3දා) මුළු දුන් ශ්‍රී ලනිප 66 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon