සෞඛ්‍ය පරීක්ෂකවරු අද සංකේත වර්ජනයක

  👤  2554 readers have read this article !
Published by : MB WEB 2017-09-04 10:00:39

උදයන්ති මුණසිංහ

උතුරු පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අයිතිවාසිකම් කඩකරමින් පීඩාවට ලක් කිරීමට එරෙහිව දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහස් එකසියයක් (2,100) අද (4දා) සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.

උතුරු පළාත් යාපනය දිස්ත්‍රික්කයට අයත් නගර සභාවට අනුයුක්තව සේවය කරන පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස් දෙනකුට පරිපාලන රීතින් උල්ලංඝනය කරමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ස්ථාන මරු කිරීමත්, ඔවුන්ගේ වැටුප මාස හතරකින් ලබා නොදීමත්, එයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ යාපනය මහ අධිකරණයේ කළ පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවීමත් යන කරුණුවලට විරෝධය දක්වමින් මෙලෙස එම වර්ජනයට නායකත්වය දෙන ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩ වර්ජනයේ නිරත වන බව සඳහන් කරයි.

මෙම වැඩ වර්ජනයෙන් පසු අදාළ ගැටලුව විසඳමින් සාධාරණය ඉටු කිරීමට වගකිවයුත්තන් අපොහොසත් වුවහොත් යාපනය නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරමින් සියලුම මහජන පරීක්ෂකවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට ඔවුහු අවධාරණය කරති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon