ජලාශවල වාන් ‍දොරටු විවෘත කරලා: කැලණි ගඟ අවට අවධානයෙන් ඉන්න

  👤  2559 readers have read this article !
Published by : MB WEB 2017-09-04 11:31:30

ඉෂාරා සිල්වා

පවතින අධික වාර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් ‍ෙදාරටුවක් විවෘත කිරීම හේතුවෙන් කැලණි ගඟ දෙපස ජනතාවට අවධානයෙන් පසු වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර දින දෙකක් පමණ තිස්සේ ඇදහැලුණු තද වැසි හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේද වාන් ‍ෙදාරටුවක් විවෘත කර ඇති අතර කළු ගඟ දෙපස ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන්ද තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් ඒ ආසන්න ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස් කඳු කඩා වැටීම් සහ නායයෑම් අවදානමක් පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අද (4දා) දිනයේද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon