2015 වසරට වඩා 2016 උපත් සංඛ්‍යාව අඩුවෙලා

  👤  2033 readers have read this article !
Published by : MB WEB 2017-09-04 16:12:01

බද්දේගම _ ඕ. කමලනාථ, ඉමදූව - ටී. විතානවසම්

2016 වර්ෂයේ සජීවී උපත් සංඛ්‍යාව 2015 වර්ෂයට සාපේක්ෂව 3,748කින් අඩුවී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාන දත්ත පත්‍රිකාව පෙන්වා දෙයි. එම වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි 2015 දී සජීවී උපත් 334,821ක් සිදුවී ඇති අතර 2016 වර්ෂයේදී එය 331,073ක් ලෙස සටහන් වී ඇත. ඒ අනුව 2015 සාපේක්ෂව 2016දී උපත් 3,748කින් අඩුවී ඇත.

2015දී සිදුවී ඇති පුරුෂ උපත් සංඛ්‍යාව 169,918කි. 2016 දී එම සංඛ්‍යාව 169,177කි. 2015දී සිදුවී ඇති ස්ත්‍රී උපත් සංඛ්‍යාව 164,903ක් වන අතර 2016 දී එම සංඛ්‍යාව 161,896කි. 2015 දී දළ උපත් අනුපාතය ජනගහනයෙන් දහසකට 16ක් වූ අතර, එය 2016දී 15.6 දක්වා අඩුවී තිබේ. ස්ත්‍රී උපත් සියයකට සිදුවන පුරුෂ උපත් සංඛ්‍යාව හෙවත් පුමිතිරි අනුපාතය 2015දී 103ක් වූ අතර 2016දී එය 104.5 දක්වා ඉහළ ගොස් ඇත.

2015දී සිදුවී ඇති මරණ සංඛ්‍යාව 131,614ක් වූ අතර 2016 එම සංඛ්‍යාව 130,765කි. ඒ අනුව 2015ට සාපේක්ෂව 2016දී සිදුවී ඇති මරණ සංඛ්‍යාව 849කින් අඩුවී ඇත.

2015ට සාපේක්ෂව 2016 වර්ෂයේදී සිදුකර ඇති විවාහ සංඛ්‍යාව 1,949කින් අඩුවී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. 2015 දී සිදුකර ඇති විවාහ සංඛ්‍යාව 175,939 ක්වූ අතර 2016දී එය 173,990 දක්වා පහළ ගොස් ඇත. ඒ අනුව සාමාන්‍ය නීතිය යටතේ 2015 වර්ෂයේ සිදුකර ඇති විවාහ සංඛ්‍යාව 155,132ක් වූ අතර එය 2016දී 152,033 දක්වා අඩුවී තිබේ. උඩරට නීතිය යටතේ 2015දී සිදුකර ඇති විවාහ සංඛ්‍යාව 839ක් වූ අතර එය 2016 දී 491ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ.මුස්ලිම් නීතිය යටතේ සිදුකර ඇති විවාහ සංඛ්‍යාව 2015දී 19,968ක් වූ අතර එය 2016දී 21,466ක් දක්වා වැඩිවී ඇතැයිද එම වාර්තාව තව දුරටත් පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon