පරිසර අධිකාරිය යෝජිත අමුද්‍රව්‍යවලින් හැදුවොත් ලන්ච් ෂීට් එක රු.8ක් වේවි

  👤  2403 readers have read this article !
Published by : MB WEB 2017-09-04 13:08:55

ආරියරත්න ගනේගොඩ

තහනම් කරන ලද පොලිතින් වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් යෝජිත අමුද්‍රව්‍ය යොදාගෙන පොලිතින් නිෂ්පාදනය කළහොත් කෑම ඔතන ලන්ච් ෂීට් එකක් රුපියල් 8.00ක් වැනි මුදලකට අලෙවි කිරීමට සිදුවන බව පොලිතින් නිෂ්පාදකයන් සහ ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් පවසයි.

මීට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි දිරායන කෑම කොළය නිපදවීම සඳහා තමන් සතුව යෝජනාවක් ද තිබෙන බවද අනුර හේරත් මහතා කීය.

මේ ක්‍රමය භාවිතා කරලා කෑම කොළයක් නිෂ්පාදනය කළහොත් වසරක් වැනි කාලසීමාවකදී එය දිරා යනවා. අපේ යන්ත්‍ර වෙනස් කරන්න අවශ්‍ය වන්නේවත් ඉහළ මිලක් වැය වෙන්නේවත් නැහැ. කෙසේ වෙතත් සිය යෝජනාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් අවසර ලබා දී නොමැති බව ද සංගමය පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon