හිටපු ජනපති හා ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන නියෝජිත හමුව අද

  👤  2239 readers have read this article !
Published by : MB WEB 2017-09-06 09:32:28

සිදත් මෙන්ඩිස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු පළාත් පාලන නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (6දා) පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පළාත් පාලන පනත හරහා ක්‍ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට තරග කිරීමට තිබූ අයිතිය අහිමි කිරීම සහ පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබේ.

මැතිවරණයට තරග කිරීම සඳහා ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තිබූ අයිතිය අහිමි කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon