‘කලණ මිතුරු - පොත් සුමිතුරු’ ජනපති ප්‍රධානත්වයෙන් අද

  👤  2055 readers have read this article !
Published by : MB WEB 2017-09-06 10:08:51

පහන් විජේසේකර

'කලණ මිතුරු - පොත් සුමිතුරු' පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06දා) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.

එළැඹෙන මාසයට යෙදෙන ජාතික කියවීමේ මාසයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර සමබර පෞරුෂයකින් හෙබි දරුවකු බිහිකිරීම සඳහා දැනුමෙන් පෝෂණය කිරීම මෙන්ම සාහිත්‍ය රසවින්දනයට හුරු කරවීම මෙමඟින් අපේක්‍ෂා කෙරේ.
මෙහි පළමු අදියර ලෙස දිවයින පුරා පිහිටි උසස් පෙළ පන්ති සහිත පාසල් දෙදහස් අටසිය විස්සක් (2820) සඳහා වැඩසටහන ක්‍රියාත්මක වන අතර එම පාසල් සඳහා සිංහල, දෙමළ හා ඉංගී්‍රසි මාධ්‍යයෙන් ලියවුණු පොත් කට්ටල දෙක බැගින් ලබාදීමටද නියමිතය.

දීප ව්‍යාප්ත මට්ටමින් තරගාවලියක් පවත්වා පොත් කියවීම පිළිබඳ දරුවන්ගේ උනන්දුව වර්ධනය කිරීමේ වැඩසටහනක්ද මේ හා සමගාමීව ක්‍රියාත්මක වන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon