අගෝස්තු මාසය අවසානයේ අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 2200ක්

  👤  1919 readers have read this article !
Published by : MB WEB 2017-09-06 11:32:06

ආරියරත්න ගනේගොඩ

මේ වසරේ (2017) අගෝස්තු මාසය අවසන් වනවිට අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 2200ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කරයි.

අදාළ පැමිණිලිවලින් වැඩි සංඛ්‍යාවක් ෆේස්බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලි වන අතර ව්‍යාපාර ෆේස්බුක් ගිණුම් සකස් කිරීම, අනවසරයෙන් ෆේස්බුක් ගිණුම්වලට ඇතුළුවීම, ෆේස්බුක් ගිණුම්වල පවතින ඡායාරූප වෙනත් ගිණුම්වලට යොදාගැනීම යන කරුණු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී තිබේ. එම පැමිණිලි සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

ෆේස්බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලිවලට අමතරව වෙබ් අඩවි සහ ඊමේල් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම වැනි කරුණු සම්න්ධයෙන්ද ගතවූ මාස 8ක කාලයේදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon