රේගු දෙපාර්තමේන්තුවේ විභාගයක් ලබන 10 දා

  👤  1549 readers have read this article !
Published by : MB WEB 2017-09-06 16:37:20

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය - 2017 විභාගය ලබන 10 වැනි දා කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 48 ක දී පැවැත්වීමට කටයුතු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකාර මහතා සඳහන් කරයි.

ඒ සඳහා සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 30 වන දින තැපැල් කොට යවා ඇති අතර යම් විමසීමක් වෙතොත් 0112 78 52 30 / 0112 177 075 හෝ 1911 (පැය 24 පුරා) යන දුරකථන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන ලෙස කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon