ඩයලොග් රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සැප්තැම්බර් 16දා ඇරැඹේ
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන "ඩයලොග් රන් කුසලාන" වොලිබෝල් තරගාවලිය සැප්තැම්බර් 16වැනිදා සිට ආරම්භ වේ.
මෙවර නව මුහුණුවරකින් පැවැත්වෙන මෙම තරගාවලියේදී විවෘත පිරිමි හා කාන්තා මෙන්ම අවුරුදු 22න් පහළ පිරිමි හා කාන්තා තරග පැවැත්වෙන අතර, තරගාවලිය සඳහා අයැදුම්පත් එවිය යුතු දිනය සැප්තැම්බර් 15දායින් අවසන් වීමට නියමිතය.
කෙසේ වෙතත් පසුගියවර මෙම තරගාවලියේ විවෘත කාන්තා හා පිරිමි ශූරතා පිළිවෙළින් කොස්වාඩිය විජය හා කටාන ඒකාබද්ධ කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර, අවුරුදු 22න් පහළ කාන්තා ශූරතාව මාවතගම කැෂුවලයින් ක්‍රීඩා සමාජයත්, පිරිමි ශූරතාව සීදුව දිවිසමර ක්‍රීඩා සමාජ කණ්ඩායමත් දිනාගෙන තිබිණි.
තරගාවලියේ ආරම්භක උත්සවය වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් 16වැනිදා කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල් පිටියේදී පැවැත්වෙන බවත්, මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 4000ක් පමණ සහභාගි වීමට නියමිතව ඇති බවත්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා "මව්බිම"ට පැවැසීය.
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24