දිස්ත්‍රික්ක කීපයකට නාය යෑම් තර්ජන

  👤  2457 readers have read this article !
Published by : MB WEB 2017-09-07 10:29:45

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟැවීම් නිවේදන නිකුත් කර ඇත.

කඳු කඩාවැටීම, ගල් පෙරැළීම් ඇතුළු නායයෑම් ලක්ෂණ දුටු වහාම අදාළ ස්ථානවලින් ජනතාවට ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවද ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද එම මධ්‍යස්ථානය දැනුම් දෙයි. මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් ලබාදීම සඳහා 117 හෝ 2670002 යන දුරකතන අංක ඇමැතිය හැකි බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (7දා) දිනයෙන් පසු වැසි සහිත කාලගුණයේ තරමක අඩුවක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon