බැඳුම්කර පත්තරයට ආණ්ඩුව මිලියන ගණන් දැන්වීම් දෙන්නේ කෙසේද?

  👤  2502 readers have read this article !
Published by : MB WEB 2017-09-08 09:32:00

නුවන් හෙට්ටිආරච්චි

රටේ නම් දැරූ පුවත්පත් අතර පළමුවැනි හෝ දෙවැනි ස්ථානයවත් හිමි නොමැති බැඳුම්කර මගඩියේ සල්ලිවලින් ආරම්භ කළ ජනයුගය පුවත්පතට මිලියන ගණනක රාජ්‍ය දැන්වීම් ලැබෙන්නේ කෙසේ දැයි මහජන සභාව ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ රජයෙන් ප්‍රශ්න කරති.

පසුගිය කාලය තුළ බැංකුවල සහ ලොතරැයි මණ්ඩලයේ මිලියන ගාණක් දැන්වීම් එම ආධුනික පුවත්පතට ලැබී තිබෙන බවද සුමංගල හිමියෝ එම පුවත්පත මාධ්‍යට ප්‍රදර්ශනය කරමින් පෙන්වා දුන්හ.

එම දැන්වීම් ලබා දෙන අමාත්‍යාංශවල ඇමැතිවරුන්ගේ ගෙවල් කුලිය පවා අර්ජුන් ඇලෝසියස් විසින් ගෙවා ඇතැයි පැවැසූ උන්වහන්සේ මෙම දැන්වීම්වලින් විශාල ප්‍රමාණයක් ලබාදී ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මඟින් බවත් අවධාරණය කළහ.

බැඳුම්කර මගඩියෙන් උපයාගත් මුදල් මේ මොහොත වන විටත් රට තුළ විවිධ අයුරින් ආයෝජනය කරන බව සඳහන් කළ උන්වහන්සේ, "නැඟෙනහිර පළාතේ විශාල එතනෝල් කර්මාන්ත ශාලාවක් ඉදිවෙනවා. එම ස්කාගාරය රටේ සංවර්ධන කාර්යයක් සේ සලකා සියලු බදුවලින් නිදහස් කරල රෑට තම ඉදිකිරීම් කටයුතු කරනවා" යැයිද පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවැසුවේ මහජන සභාව ජාතික ව්‍යාපාරය ඊයේ (7දා) නාරාහේන්පිටදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon