රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද

  👤  1847 readers have read this article !
Published by : MB WEB 2017-09-08 11:17:32

2017 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද (08දා) සවස 4.30ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ, නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

නිර්මාණ සාහිත්‍ය ක්‍ෂේත්‍ර මෙන්ම ශාස්ත්‍රිය හා පර්යේෂණ, පරිවර්තන යන තෙවැදෑරුම් වූ විවිධ විෂයක ග්‍රන්ථ යන ක්‍ෂේත්‍ර දහනවයකට අයත් සිංහල, දෙමළ හා ඉංගී්‍රසි භාෂා තුනෙන් ම රචිත 2016 වර්ෂයේදී ප්‍රකාශිත විශිෂ්ටතම ග්‍රන්ථ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය කරනු ලැබේ.
සිංහල, දෙමළ හා ඉංගී්‍රසි භාෂා තුනට අදාළව සාහිත්‍යකරණයේ නියුක්තව මෙරට සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කළ දීර්ඝ කාලීන මෙහෙවර අගය කරමින් පිරිනැමෙන "සාහිත්‍යරත්න" අභිධාන ප්‍රදානය ද මෙදින සිදුකෙරේ.

ප්‍රථම වරට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වූයේ 1957 වර්ෂයේදීය. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ එහි හැට වන සංවත්සරයද සලකුණු කරමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon