ලලිත්ගේ-අනුෂගේ දඩ ගෙවන්න මහ සඟරුවන මැදිහත් වෙයි

  👤  2028 readers have read this article !
Published by : MB WEB 2017-09-09 10:04:19

 සිල් රෙදි නඩුවේ වරදකරුවන් වී සිරගත කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන්ට අධිකරණයෙන් නියම කළ දඩය හා වන්දි මුදල සමස්ත බෞද්ධ ජනතාවගෙන් රුපියල බැගින් එකතු කර ගෙවීමට මහා සංඝරත්නය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.

දූෂණ වංචා, කොමිස් ගැහිලි නොකළ රජයේ කිසිම නිලධාරියකුට රුපියල් මිලියන 2ක හා රුපියල් මිලියන 50ක් තරම් මුදලක් ගෙවීමට බැරි බවත් ඒ දෙදෙනා කෙළේ රජයේ නියමයක් ඉටුකිරීම පමණක් බවත්, කී, එම මුදල එකතු කිරීමේ ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි බන්ධුල ගුණවර්ධන මහතා රටේ සියලුම වෙහෙර විහාරස්ථානවල නායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් බෞද්ධ ජනතාවගේ සහභාගිත්වය ඇතිව මේ මුදල එකතු කර දඩ හා වන්දි මුදල ගෙවන බව පැවැසීය.

මේ දෙදෙනාට අධිකරණයෙන් නියම කර ඇති දඩය හා වන්දිය රුපියල් මිලියන 104කි.

ඊයේ (09දා) රාත්‍රි පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙනට වැඩම කළ මහා සංඝරත්නයේත්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි පිරිසකගේත් සහභාගිත්වයෙන් මූලික සාකච්ඡාවක් පවත්වා මේ මුදල එකතු කිරීමට තීරණයක් ගත් බවද බන්ධුල ගුණවර්ධන මහතා 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon