ශ්‍රී ලනිපය අතහැර පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නේ නෑ

  👤  2223 readers have read this article !
Published by : MB WEB 2017-09-09 12:13:01

ප්‍රගීත් සම්පත්

තමා පාරම්පරික ශ්‍රී ලංකාකාරයකු බැවින් කිසි දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නේ නැතැයි හිටපු ඇමැති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා "ඉරිදා මව්බිම"ට පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරයක්ද හොබවන කුමාර වෙල්ගම මහතාට මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරයට ආරාධනා කර තිබුණේද නැත.
මේ මොන බාධක ආවත් තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු බවද වෙල්ගම මහතා පැවැසීය.

පසුගියදා බදුල්ලේදී පොදුජන නිදහස් පෙරමුණ සංවිධානය කළ පළමු රැස්වීම සංවිධාන කටයුතු භාරව කටයුතු කෙළේ කුමාර වෙල්ගම මන්ත්‍රිවරයායි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon