මහනුවර අධිවේගයේ අධි වියදමක් ගැන අනුර හෙළිකරයි

  👤  1985 readers have read this article !
Published by : MB WEB 2017-09-10 09:50:31

අනුරාධා හේරත්

මහනුවර අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරේදී කිලෝමීටරයකට රුපියල් කෝටි 415ක් බැගින් වූ කොන්ත්‍රාත්තුවකට රජය එළැඹීම හේතුවෙන් පෙර ඉදිකිරීම්වලට වඩා දෙගුණයක වියදමක් දැරීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක 'ඉරිදා මව්බිම'ට අනාවරණය කරයි.

ඒ අනුව නුවර - කොළඹ අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 32.5ක් වන අතර එය ජපන් සමාගමකට ලබාදෙන්නේ රුපියල් කෝටි 13,500කට බවත් එය කිලෝමීටරයකට රුපියල් කෝටි 415ක් වැයවන බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

දිසානායක මහතා පවසන්නේ මේ ඉදිකිරීම් ජපන් සමාගමකට ලබාදීම පිළිබඳ විශාල සැකයක් මතුව ඇති බවයි.

නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොර වීමත්, අධික පොලියට ගනු ලබන ණය මුදලක් වීමත් හරහා මේ සිදුවීමට යන දූෂිත ගනුදෙනුව නතර කිරීමට රජය කටයුතු කරන ලෙසට හෙතෙම බලකර සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon