එජාප 71 සංවත්සරය කල් යයි

  👤  1803 readers have read this article !
Published by : MB WEB 2017-09-10 10:25:50

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය අද පැවැත්වෙන්නේ නැත.

සබරගමුව පළාතට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් සංවත්සර උළෙල කල් දැමීමට තීරණය කර ඇත.

සංවත්සරය පැවැත්වීමට නියමිතව තිබූ රත්නපුර සීවලී ක්‍රීඩාංගණය අඩියක් පමණ ජලයෙන් යටවීම නිසා එය යථා තත්ත්වයට පත්වීමට දින කිහිපයක් ගතවීමත් කඩින් කඩ වැසි ඇතිවීමත් හේතුවෙන් සංවත්සර උළෙල කල් දැමීමට තීරණය කළ බව රත්නපුර දිස්ත්‍රික් නායිකා අධිකරණ හා විදේශ රැකියා කටයුතු ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

සංවත්සර උත්සවය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් ඇමැතිනි තලතා අත්කෝරල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon